ගෝඨාභය දුන් රැඳවුම් නියෝගය නීතිය පටහැනියි – ශ්‍රේෂ්ඨාධිකරණය

2020 වසරේ හෙරොයින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාවක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන විමර්ශනය කිරීම සඳහා එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නිකුත් කරනු ලැබූ රැඳවුම් නියෝගය සම්පූර්ණයෙන් ම නීතියට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.

දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ, එම නඩුවේ පෞද්ගලික වගඋත්තරකරුවකු ලෙස ගෝඨාභය රාජපක්ෂ නම් කර නොතිබූ බැවින් ඔහුගෙන් වන්දි අය කර ගැනීමට හැකියාවක් නොමැති බව සඳහන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය, මේ තුළින් සිදු වූ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් රජය විසින් රුපියල් ලක්ෂයක වන්දියක් පෙත්සම්කාරියට ගෙවිය යුතු බව නියම කෙරුණා.

එම සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගන්නා ලද හේනගම, පොකුණුවිට ප්‍රදේශයේ පදිංචි කාංචනා ප්‍රියදර්ශනී මදුරප්පෙරුම නමැති කාන්තාවක විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළා.

මහින්ද සමයවර්ධන, ඒ.එච්.එම්.ඩී. නවාස් යන විනිසුරුවරුන්ගේ එකඟත්වය සහිතව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා මෙම තීන්දුව අද (18) ලබා දුන්නා.

පෙත්සම්කාරිය කියා සිටියේ, හෙරොයින් සන්තකයේ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පෑලියගොඩ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් 2020 වසරේ ජනවාරි මස 30 වැනි දා බණ්ඩාරගම ප්‍රදේශයේදී තමා සහ තම සොහොයුරා අත්අඩංගුවට ගත් බව යි.

ඉන් අනතුරුව විෂ වර්ග හා අන්තරායකර ඖෂධ පනතේ 82(3) වගන්තිය යටතේ තමන්ව පොලිසිය දින හතක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කළ බවත් පෙත්සම්කාරිය සඳහන් කළා.

ඉන් පසුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිකුත් කළ රැඳවුම් නියෝගයක් මත තමන්ව රඳවාගෙන ප්‍රශ්න කළ බවත් පෙත්සම්කාරිය පැවසුවා.

පෙත්සම්කාරිය සිය පෙත්සම තුළින් සඳහන් කර තිබුණේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ට එරෙහිව රැඳවුම් නියෝගයක් නිකුත් කළ අවස්ථාවේ දී ජනාධිපතිවරයා ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් කටයුතු නොකළ බවයි.

ඒ අනුව, ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් ගෝඨාභය රාජපක්ෂ නිකුත් කළ මෙම රැඳවුම් නියෝගය නීතියට පටහැනි බවත් පෙත්සම්කාරිය සිය පෙත්සම මගින් පෙන්වා දුන්නා.

මීට අදාළව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු තුරෙයිරාජා සඳහන් කළේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 9 (1) වගන්තිය ප්‍රකාරව පුද්ගලයෙකු රඳවා ගැනීම සඳහා රැඳවුම් නියෝග නිකුත් කිරීමේ බලය ආරක්ෂක අමාත්‍යවරයාට පමණක් ලබා දී තිබෙන බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය යටතේ ජනාධිපතිවරයා, ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ද කටයුතු කරන බව දක්වා තිබුණ ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයේ එවැනි ප්‍රතිපාදනයක් අන්තර්ගත නොවූ බවත් විනිසුරුවරයා සිය තීන්දුව දෙමින් කියා සිටියා.

සංශෝධනය යටතේ ජනාධිපතිවරයා, ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ද කටයුතු කරන බව දක්වා තිබුණ ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයේ එවැනි ප්‍රතිපාදනයක් අන්තර්ගත නොවූ බවත් විනිසුරුවරයා සිය තීන්දුව දෙමින් කියා සිටියා.

ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය බලාත්මක වූයේ, 2020 වසරේ ඔක්තෝබර් මස 29 වන දා බවත් මෙම නඩුකරයට පාදක වන රැඳවුම් නියෝගය නිකුත් කළ අවස්ථවේ මෙරට ක්‍රියාත්මක වූයේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය බවත් විනිසුරුවරයා පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය යටතේ ජනාධිපතිවරයා ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ද කටයුතු කරන බවට ප්‍රතිපාදනයක් අන්තර්ගත නොතිබූ හෙයින් පෙත්සම්කාරිය රඳවා ගැනීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නිකුත් කරන ලද රැඳවුම් නියෝගය නීතියට පටහැනි බවත් විනිසුරුවරයා සිය තීන්දුව දෙමින් සඳහන් කළා.

ඒ අනුව, ජනාධිපතිවරයා වශයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවුම් නියෝගයක් නිකුත් කිරීමට ගෝඨාභය රාජපක්ෂට බලයක් නොතිබූ බවත්, ඒ තුළින් ඔහු සිය බලය අත්තනෝමතික ආකාරයෙන් පරිහරණය කර තිබෙන බවත් තීන්දුවේ සඳහන්.

මේ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1), 13 (1) සහ 13 (2) ව්‍යවස්ථාවන්හි සඳහන් පෙත්සම්කාරියගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත් විනිසුරුවරයා සිය තීන්දුව දෙමින් වැඩිදුරටත් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56