ගනේමුල්ල සංජීව ඝාතනය ඇසින් දුටු මහේස්ත්‍රාත්වරියගේ සාක්ෂිත් ලබා ගැනේ

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක ඝාතනයක් ලෙස ඉතිහාසයට එක් වූ නීතිඥ වෙස්ගෙන අධිකරණය වෙත ඇතුළු වී පාතාල කල්ලි නායක ගනේමුල්ල සංජීව නමැත්තා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ ව එම අවස්ථාවේ මූලාසනයේ සිටි ප්‍රධාන මහේස්ත්‍රාත්වරියගෙන් ද ප්‍රකාශ ලබාගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු ප්‍රකාශ කර තිබෙනවා.

දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ ඒ අනුව මෙම ඝාතන සිදුවීමට අදාළව ඇසින් දුටු තවත් එක් ප්‍රබල සාක්ෂියක් වන එම අවස්ථාවේ අධිකරණයේ මූලාසනයේ සිටි මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ දී නඩු විභාගය අතරතුර ඊට අදාළ ඇසින් දුටු සාක්ෂි ලබාදෙනු ඇති බවයි.

කෙසේවෙතත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරියගෙන් ප්‍රකාශ සටහන් ලබා ගැනීමට පෙර කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා හරහා ලිඛිතව ඉල්ලීමක් සිදුකර අවසර ලබාගෙන තිබෙනවා.

එම ප්‍රකාශයත් සමගම මේ වන විට ගනේමුල්ල සංජීවගේ ඝාතනය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසෙ මගින් සිදු කරන විමර්ශනවලට අදාළව පුද්ගලයන් 50කට ආසන්න පිරිසකගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ රැසක් මෙහෙය වූ පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරත්න හෙවත් ගනේමුල්ල සංජීව නමැත්තාව ඉකුත් මස 19 වෙනි දින බූස්ස බන්ධනාගාරයේ සිට කොළඹ අලුත් කඩේ අංක 5 මහේස්ත්‍රාත් අධිකරණය වෙත දැඩි ආරක්ෂාව මධ්‍යයේ රැගෙන වීමෙන් අනතුරුව විත්ති කූඩුව මත සිටියදී නීතිඥ වෙස්ගෙන පුටුවක අසුන්ගෙන සිටි වෙඩික්කරු එකවරම අසුනෙන් නැගිට කූඩුව අසලට ම පැමිණි වෙඩි ප්‍රහාරයක් එල්ල කර ගිනිඅවිය එම ස්ථානයේම දමා පලා ගොස් තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45
Video thumbnail
මවගෙන් වෙන්ව සිටි බිළිඳාව නැවත මව වෙතට ගෙන දුන් අපේ වීරයෝ
01:31
Video thumbnail
මුට්ට කරගහන එක නවත්තන්න..ඔයාලා විපක්ෂය නෙවෙයි..නලීන් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
14:42


?