ගනේමුල්ල සංජීව ඝාතනය ඇසින් දුටු මහේස්ත්‍රාත්වරියගේ සාක්ෂිත් ලබා ගැනේ

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක ඝාතනයක් ලෙස ඉතිහාසයට එක් වූ නීතිඥ වෙස්ගෙන අධිකරණය වෙත ඇතුළු වී පාතාල කල්ලි නායක ගනේමුල්ල සංජීව නමැත්තා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ ව එම අවස්ථාවේ මූලාසනයේ සිටි ප්‍රධාන මහේස්ත්‍රාත්වරියගෙන් ද ප්‍රකාශ ලබාගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු ප්‍රකාශ කර තිබෙනවා.

දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ ඒ අනුව මෙම ඝාතන සිදුවීමට අදාළව ඇසින් දුටු තවත් එක් ප්‍රබල සාක්ෂියක් වන එම අවස්ථාවේ අධිකරණයේ මූලාසනයේ සිටි මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ දී නඩු විභාගය අතරතුර ඊට අදාළ ඇසින් දුටු සාක්ෂි ලබාදෙනු ඇති බවයි.

කෙසේවෙතත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරියගෙන් ප්‍රකාශ සටහන් ලබා ගැනීමට පෙර කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා හරහා ලිඛිතව ඉල්ලීමක් සිදුකර අවසර ලබාගෙන තිබෙනවා.

එම ප්‍රකාශයත් සමගම මේ වන විට ගනේමුල්ල සංජීවගේ ඝාතනය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසෙ මගින් සිදු කරන විමර්ශනවලට අදාළව පුද්ගලයන් 50කට ආසන්න පිරිසකගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ රැසක් මෙහෙය වූ පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරත්න හෙවත් ගනේමුල්ල සංජීව නමැත්තාව ඉකුත් මස 19 වෙනි දින බූස්ස බන්ධනාගාරයේ සිට කොළඹ අලුත් කඩේ අංක 5 මහේස්ත්‍රාත් අධිකරණය වෙත දැඩි ආරක්ෂාව මධ්‍යයේ රැගෙන වීමෙන් අනතුරුව විත්ති කූඩුව මත සිටියදී නීතිඥ වෙස්ගෙන පුටුවක අසුන්ගෙන සිටි වෙඩික්කරු එකවරම අසුනෙන් නැගිට කූඩුව අසලට ම පැමිණි වෙඩි ප්‍රහාරයක් එල්ල කර ගිනිඅවිය එම ස්ථානයේම දමා පලා ගොස් තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වලංගු බලපත්‍ර තියෙන සේවිකාවන් අයාලේ පනතෙන් කොහොමද අත්අඩංගුවට ගන්නේ ?
02:58
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
සජබ උද්ඝෝෂණය තිබෙන ස්ථානය නිරීක්ෂණයට ගිය සජිත් ඇතුළු පිරිස - මරික්කාර් හතර වටේම පෙන්නයි
00:51
Video thumbnail
රටේ සියල්ල පැලවත්තට වහල් කරන්න හදන්නේ - හිතා මතා අධිකරණය විනාශ කරන්න ගෙන එන මෙවලමක්
04:39
Video thumbnail
SPA කියන හැම එකක්ම අපේ නෙවෙයි - SPA වැටලීම් ගැන පොලිසිය එක්ක සාකච්ඡා කරලා අපි විසඳගත්තා
06:38
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.22
08:20:31
Video thumbnail
පාසල් දරුවන්ට පාඩම් කියලා දුන්න හිටපු ජනපති මෛත්‍රිපාල - මම එක දේශපාලන කඳවුරකටවත් නෑ
10:11
Video thumbnail
අධිකරණය ඉදිරියේ නවතම දර්ශන මෙන්න - පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:49
Video thumbnail
මුළු රටම බලාසිටි පාස්කු නඩු තීන්දුව මෙන්න
01:10
Video thumbnail
🔴Breaking News
01:51