Empty Ad
AFC Banner
Empty Ad

වැඩ ලෝකයේ ප්‍රචණ්ඩත්වය හා හිංසනය මුලිනුපුටා දැමීමට රජය කටයුතු කරනවා – අනිල් ජයන්ත

වැඩ ලෝකයේ ප්‍රචණ්ඩත්වය සහ හිංසනය මුලිනුපුටා දැමීම හා සම්බන්ධ ILO – 190 සම්මුතිය ශ්‍රී ලංකාව සඳහා අපරානුමත කිරීමට පියවර ගන්නා බව රජය පවසනවා.

රෝහිණී කුමාරි විජේරත්න මන්ත්‍රීවරියගේ සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව පිළිගනිමින් කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මේ බව සඳහන් කළා.

වැඩ ලෝකයේ ප්‍රචණ්ඩත්වය සහ හිංසනය මුලිනුපුටා දැමීම හා සම්බන්ධ ILO 190 සම්මුතිය ශ්‍රී ලංකාව සඳහා අපරානුමත කිරීමට අවශ්‍ය කටයුතු ආරම්භ කොට ඇති බවත් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ ප්‍රචණ්ඩත්වයෙන් හා හිංසනයෙන් තොර වැඩ ලෝකයක් සඳහා රජය කැපවන බවයි.

මේ අනුව ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මෙරට නියෝජිත සමග පෙර පැවති සාකච්ඡා දෙකක දී ම මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව ද ඒ අනුව වැඩ ලෝකයේ ප්‍රචණ්ඩත්වය සහ හිංසනය මුලිනුපුටා දැමීම සියලු දෙනාගේම සහාය අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?