වැඩ ලෝකයේ ප්‍රචණ්ඩත්වය හා හිංසනය මුලිනුපුටා දැමීමට රජය කටයුතු කරනවා – අනිල් ජයන්ත

වැඩ ලෝකයේ ප්‍රචණ්ඩත්වය සහ හිංසනය මුලිනුපුටා දැමීම හා සම්බන්ධ ILO – 190 සම්මුතිය ශ්‍රී ලංකාව සඳහා අපරානුමත කිරීමට පියවර ගන්නා බව රජය පවසනවා.

රෝහිණී කුමාරි විජේරත්න මන්ත්‍රීවරියගේ සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව පිළිගනිමින් කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මේ බව සඳහන් කළා.

වැඩ ලෝකයේ ප්‍රචණ්ඩත්වය සහ හිංසනය මුලිනුපුටා දැමීම හා සම්බන්ධ ILO 190 සම්මුතිය ශ්‍රී ලංකාව සඳහා අපරානුමත කිරීමට අවශ්‍ය කටයුතු ආරම්භ කොට ඇති බවත් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ ප්‍රචණ්ඩත්වයෙන් හා හිංසනයෙන් තොර වැඩ ලෝකයක් සඳහා රජය කැපවන බවයි.

මේ අනුව ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මෙරට නියෝජිත සමග පෙර පැවති සාකච්ඡා දෙකක දී ම මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව ද ඒ අනුව වැඩ ලෝකයේ ප්‍රචණ්ඩත්වය සහ හිංසනය මුලිනුපුටා දැමීම සියලු දෙනාගේම සහාය අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14