මොහොමඩ් නබි සිය එක්දින පිටියේ සමුගැන්ම ටික දිනකට ප්‍රමාද කරයි

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමෙන් බිහි වූ විශිෂ්ටතම ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන මොහොමඩ් නබි ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගැනීමේ තීරණය මඳක් පසුපසට ගෙන තිබෙනවා.

විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ; නබී සිය පුතු වන හසන් එයිසාකල් සමග සිය මව්බිම වෙනුවෙන් චැම්පියන්ස් කුසලානය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවක් ඇති බවට දන්වා තිබෙන බවයි.

එබැවින් එළඹෙන චැම්පියන්ස් කුසලානයෙන් පසුව ද නබී සිය පුත්‍රයා සමග තරග කිහිපයකට එක්ව ජාත්‍යන්තර එක්දින තරග පිටියෙන් ද සමුගැනීම සිදු කරනු ඇති.

චැම්පියන්ස් කුසලානයෙන් පසු එක්දින තරග ක්‍රීඩා නොකරන බව ඇෆ්ගනිස්ථාන තුන් ඉරියව් ක්‍රීඩක නබී පසුගිය වසරේ නොවැම්බර් මාසයේ දී ප්‍රකාශ කළා.

40 හැවිරිදි නබි පවසා ඇත්තේ මෙවැන්නක්;

මේවා මගේ අවසාන එක්දින තරග නොවිය හැකියි, මම බොහෝ විට අඩුවෙන් එක්දින තරග ක්‍රීඩා කර තරුණයින්ට අත්දැකීම් ගොඩනඟා ගැනීමට අවස්ථා ලබා දෙනවා. මම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් සමඟ සාකච්ඡා කර ඇති අතර ඉහළ මට්ටමේ ක්‍රීඩාවල දී, අවස්ථාවක් ලබා ගන්න පුළුවන්. බලමු අපි.. මගේ ශරීර යෝග්‍යතාව මත හැමදේම තීරණය කෙරෙනවා..‘ යනුවෙන්.

මොහොමඩ් නබීගේ පුත් 18 හැවිරිදි යොවුන් ක්‍රීඩකයෙකු වන අතර හෙතෙම 2024 දී 19න් පහළ ලෝක කුසලානයේ දී ඇෆ්ගනිස්තානය නියෝජනය කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10