මොහොමඩ් නබි සිය එක්දින පිටියේ සමුගැන්ම ටික දිනකට ප්‍රමාද කරයි

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමෙන් බිහි වූ විශිෂ්ටතම ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන මොහොමඩ් නබි ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගැනීමේ තීරණය මඳක් පසුපසට ගෙන තිබෙනවා.

විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ; නබී සිය පුතු වන හසන් එයිසාකල් සමග සිය මව්බිම වෙනුවෙන් චැම්පියන්ස් කුසලානය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවක් ඇති බවට දන්වා තිබෙන බවයි.

එබැවින් එළඹෙන චැම්පියන්ස් කුසලානයෙන් පසුව ද නබී සිය පුත්‍රයා සමග තරග කිහිපයකට එක්ව ජාත්‍යන්තර එක්දින තරග පිටියෙන් ද සමුගැනීම සිදු කරනු ඇති.

චැම්පියන්ස් කුසලානයෙන් පසු එක්දින තරග ක්‍රීඩා නොකරන බව ඇෆ්ගනිස්ථාන තුන් ඉරියව් ක්‍රීඩක නබී පසුගිය වසරේ නොවැම්බර් මාසයේ දී ප්‍රකාශ කළා.

40 හැවිරිදි නබි පවසා ඇත්තේ මෙවැන්නක්;

“මේවා මගේ අවසාන එක්දින තරග නොවිය හැකියි, මම බොහෝ විට අඩුවෙන් එක්දින තරග ක්‍රීඩා කර තරුණයින්ට අත්දැකීම් ගොඩනඟා ගැනීමට අවස්ථා ලබා දෙනවා. මම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් සමඟ සාකච්ඡා කර ඇති අතර ඉහළ මට්ටමේ ක්‍රීඩාවල දී, අවස්ථාවක් ලබා ගන්න පුළුවන්. බලමු අපි.. මගේ ශරීර යෝග්‍යතාව මත හැමදේම තීරණය කෙරෙනවා..‘ යනුවෙන්.

මොහොමඩ් නබීගේ පුත් 18 හැවිරිදි යොවුන් ක්‍රීඩකයෙකු වන අතර හෙතෙම 2024 දී 19න් පහළ ලෝක කුසලානයේ දී ඇෆ්ගනිස්තානය නියෝජනය කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14