බදු ගෙවන ජනතාවගේ සෑම රුපියලක්ම සඳහා අප සාධාරණය ඉටු කරනවා. බදු පැහැර හැරීම් සහ නීති විරෝධී මූල්‍ය ක්‍රියා වැළැක්වීමට පියවර ගන්නවා.
බදු පරිපාලනය සහ බදු අනුකුලතා වැඩි දියුණු කිරීමේ පියවරයන් තුළින් 2025 න් ඔබ්බට ශ්‍රී ලංකාව ආදායම් ඉලක්ක ඉක්මවා යනු ඇතැයි විශ්වාස කරනවා.
බදු පරිපාලනය විනිවිදභාව වැඩි කිරීම සඳහා බදු පද්ධතිය ඩිජිටල් කරණය කිරීමට පියවර ගන්නවා.
රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව සඳහා නව නීති සම්පාදනය කිරීමට පියවර.
2020 ජනවාරි පළ,මු වැනිදාට පෙර විශ්‍රාම ගිය සියලු විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප අදියර තුනකින් වැඩි කෙරේ.
වතු කම්මරුවන් වෙනුවෙන් දැනට යෝජනා වී ඇති රුපියල් 1700ක දිනක වැටුප ලබාදීම සඳහා රජය මැදිහත් වෙනවා.
පුද්ගලික අංශයේ සේවකයින්ගේ දැනට පවතින අවම මාසික වැටුප 21,000 සිට 2025 අප්‍රේල් මස සිට 27,000ක් ලෙසත්; 2026 වසරේ සිට රුපියල් 30,000ක් දක්වා ඉහළ දැමීමටත් යෝජනා කරනවා.
2025 වසරේ වැටුප් වැඩිවීම සඳහා රුපියල් බිලියන 110ක් වෙන් කෙරේ.
රාජ්‍ය සේවයේ අවම වැටුප රුපියල් 40,000 දක්වා වැඩි කරනවා.
රාජ්‍ය සේවකයින්ගේ මුලික වැටුප රුපියල් 15,750 කින් වැඩි කිරීමට පියවර ගැනේ.
රාජ්‍ය අංශයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු තිස් දහසක් බඳවා ගැනේ. ඒ සඳහා රුපියල් මිලියන 10,000ක් වෙන් කරනවා.
නඩත්තු නොමැති මහල් නිවාස වල අත්‍යවශ්‍ය නඩත්තු සඳහා රුපියල් මිලියන 1000ක් වෙන් කෙරේ.
කලාකරුවන් සහ මාධ්‍යවේදීන් සඳහා නිවාස ඉදිකරනවා. කලාකරුවන් සහ මාධ්‍යවේදීන් සඳහා ඒකක 108ක් ඉදිකරනවා.එය කොට්ටාව ප්‍රදේශයේ දී ඉදිකරනවා.
ජාතික ශ්‍රී ලංකා දින සැමරුම් උත්සවය සඳහා රුපියල් මිලියන 300ක්. එය සියලු සංස්කෘතිකාංග එක් වූ උත්සවයක් ලෙස සමරනු ලබනවා.
අපද්‍රවය බැහැර කිරීමේ පහසුකම් සඳහා රුපියල් මිලියන 750ක් වෙන් කෙරේ.
අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා රුපියල් මිලියන 300ක්, අලි මිනිස් ගැටුමේ වන්දි සඳහා රුපියල් මිලියන 250ක් වෙන් කරේ.
මෝටර් රථ උපාංග සහා රබර් නිෂ්පාදන සඳහා කර්මාන්ත ජනපදයක් ඉදි කිරීමට යෝජනා, කර්මාන්ත අමාත්‍යංශයට වෙන්කර ඇති මිලියන 1,500ක ප්‍රතිපාදන මත එය කළමනාකරන කිරීමට යෝජනා.
ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියට රුපියල් මිලියන 5000ක් වෙන් කෙරේ. (ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන දේශපාලන කෝණයෙන් බලන්න එපා)
රසයනකින නිෂ්පාදන සඳහා වූ කාර්මික කලාපයක් පාරන්තන් හි ඉදිකිරීමට යෝජනාවක්.
මලයාගම දෙමළතරුණයින්ගේ වෘත්තිය පුහුණුව, ජීවීනඋපාය සංවර්ධනයට රුපියල් මිලියන 2,450ක්.
වතු නිවාස සංවර්ධනයට සහ යටිතල පහසුකම් සංවර්ධනය මිලියන 4,267ක් වෙන් කර තිබෙනවා.
නැගෙනහිර පළාත ආර්ථිකය සංවර්ධනය සඳහා යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. ඊට ඉන්දීය රජයේ සහාය ලබාගන්නවා.
ග්‍රාමීය පාලම් සංවර්ධනයට වෙන්කර ඇති මුදලට අමතරව රුපියල් මිලියන 1000ක්.
ග්‍රාමීය මාර්ග සංවර්ධනය සඳහා දැනට වෙන්කර ඇති මුදලට අමතරව රුපියල් මිලියන 3000ක් වෙන් කරනවා.
ශ්‍රී ලංකා ගුවන් සමාගමේ පවතින ණය පියවීම සඳහා වැඩසටහනක්. ශ්‍රී ලංකන් සමාගමේ ණය සහ පොළිය ගෙවීමට රුපියල් මිලියන 2,0000ක්. (දෛනික මෙහෙයුම් කටයුතු සදහාභාණ්ඩාගාරයෙන් මුදල් දෙන්නේ නැහැ.)
සෑම බස් මාර්ගයකම ලංගම සහ පුද්ගලික බස් අතර ඒකාබද්ධ කාල සටහන් ක්‍රියාත්මක කිරීමට පියවර
කැලණිවැලි දුමරිය මාර්ගය අවිස්සාවේල්ලෙන් ඔබ්බට දුම්රිය මාර්ගය ස්ථාපිත කිරීම අධ්‍යයනයට රුපියල් මිලියන 250ක් වෙන් කරනවා.
දුම්රිය ප්‍රවාහනය නවීකරණය සහ කාර්යක්ෂම කිරීම සඳහා රුපියල් මිලියන 500ක්.
පොදු ප්‍රවාහනයට සුවපහසු බස් රථ සමූහයක් නියමු ව්‍යාපෘතියක් ලෙස හඳුන්වා දෙනවා. ඒ සඳහා පහත පතුලක් සහිත සැප පහසු බස් රථ 100ක් යෙදවීමට පියවර.
මතින් තොර සමාජයක් වැඩසටහන ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 500ක්.
වරදකරුවන් වූ සිරකරුවන් සඳහා නිපුණතා සංවර්ධන වැඩසටහනක් ආරම්භ කරනවා.
ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ඉහළ පොළියක් ලබාදීම සඳහා රුපියල් මිලියන 15000ක්.
විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් නැවත පැමිණීමේ දී ගුවන්තොටුපළ තීරු බදු නිදහස් සීමාව ඉහළ දමනවා.
උත්සව සමයේ වියළි ආහාර සලාකයක් ලබාදීමට රුපියල් මිලියන 1000ක්.
ආපදා වන්දි මුදල මිලියනයක් දක්වා ඉහළ දමනවා.
අවතැන් දරුවන් සඳහා ස්ථාවර සහ ආරක්‍ෂිත නිවසක් තනා ගැනීමට රුපියල් මිලියනයක්.
අනාථ නිවාසවල වෙසෙන එක් දරුවෙකුට මසකට රුපියල් 5000ක දීමනාවක්, ඒ සඳහා 2025 වසර සඳහා රුපියල් මිලියන 1000ක් වෙන්කෙරේ.
වැඩිහිටි දීමනාව 3000 සිට රුපියල් 5000ක් දක්වා ඉහළ දමා තිබෙනවා.
වකුගඩු දීමනාව 10,000ක් දක්වා ඉහළ දැමීමට පියවර
2025 අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම සඳහා බිලියන 232.5ක් වෙන් කෙරේ.
මිරිදිය ධීවර කර්මාන්තය සංවර්ධනයය මිලියන 200ක්.
උතුරු පොල් ත්‍රිකෝණයේ සංවර්ධනය සඳහා රුපියල් මිලියන 500ක්.
පැරණි වාරි ක්‍රම දියුණු කිරීම සඳහා රුපියල් මිලියන 2000ක් වෙන් කරනවා.
වාරි ක්ෂේත්‍රය සංවර්ධනයට රුපියල් මිලියන 7800ක්.
සමූපාකාර ක්‍රමය දියුණු කිරීමට රුපියල් මිලියන 100ක්.
2025-2026 වසර සඳහා දේශීය කිරි නිෂ්පාදනය ඉහළ දැමීමට මිලියන 2500ක්.
කෘෂිකාර්මික තීරණ ගැනීම සඳහා යාවත්කාලීන කරන ලද දත්ත පද්ධතියක් ස්ථාපිත කිරීමට පියවර.
කෘෂිකර්ම අමාත්‍යංශයට ලබා දී ඇති මුදලට අමතරව තවත් රුපියල් මිලියනන 500ක් වෙන් කරනවා.
ප්‍රමාණවත් ආරක්ෂණ වී තොගයක් පවත්වා ගන්නවා.
වී අලෙවි මණ්ඩල පනත සංශෝධනය කිරීමට පියවර.
2025 මහ කන්නයේ වී මිල දී ගැනීමට මිලියන 5000ක්.
පොහොර සහනාධාරය සදහා මෙම වසරට රුපියල් මිලියන 35,000ක් වෙන් කරනවා.
ත්‍රිකුණාමලය තෙල් ටැංකි පද්ධතියේ ටැංකි 61ක් විදෙස් සමාගම් සමඟ එක්ව සංවර්ධනය පියවර (IOC සමාගමට අයත් ටැංකි හැර)
සංශෝධිත විදුලිබල පනත කඩිනම් කිරීමට පියවර.
යාපනයේ පුස්තකාලය සංවර්ධනයට රුපියල් මිලියන 100ක් වෙන් කෙරේ.
ක්‍රීඩා පාසල් සංවර්ධනයට රුපියල් මිලියනන 500ක්. පළාත් 05ක ක්‍රීඩා පාසල් සංවර්ධනය කිරීමට කටයුතු කරනවා.
මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් 5000 සිට 7500ක් දක්වා ඉහළ දමනවා. 2025 අප්‍රේල් සිට මේ සියලු දීමනා දෙනවා.
පාසල් සිසුන්ගේ ශිෂ්‍යාධාර මුදල 750 සිට 1000 දක්වා ඉහළ දමනවා.
පෙරපාසල් ගුරුවරුන්ගේ දීමනා ඉහළ දැමීමට මිලියන 100ක්.
පෙරපාසල් දරුවෙකුගේ උදෑසන ආහාර වේලක් සඳහා වෙන් කරන මුදල රුපියල් 100 දක්වා ඉහළ දමනවා.
ඖෂධ සැපයීම සඳහ රුපියල් මිලියන 185ක්.
යළිත් ඖෂධ හිඟයක් ඇතිවන බවට බලාපොරොත්තු වන්නේ නැහැ.
සෞඛ්‍ය සඳහා 2025 අයවැයෙන් රුපියල් බිලියන 604ක් වෙන් කරනවා.
වතු රෝහල් සඳහා මානව සම්පත් සහ ඖෂධ රජයෙන් ලබා දෙනවා.
ගැබිණි මව්වරුන්ගේ පෝෂණය සඳහා රුපියල් මිලියන 7000ක්.
කාන්තා සවිබල ගැන්වීම සහ කාන්තාවන් සුරැකීමේ වැඩසටහන සඳහා රුපියල් මිලියන 120ක්.
ත්‍රිපෝෂ වැඩසටහන වෙනුවෙන් රුපියල් මිලියන 5000ක්.
මන්ත්‍රීවරුන්ට වාහන පාර්මිට් නැහැ, මන්ත්‍රීවරුන්ට නිල වාහන මිල දී ගැනීමට මෙවර අයවැයෙන් මුදල් වෙන්කර නැහැ.
අධික ලෙස වියදම්වන සහ අධික නඩත්තුවක් දැරීමට සිදුවන රජයයේ වාහන වෙන්දේසි කරනවා.
නවෝත්පාදන සහ නව නිර්මාණ ප්‍රවර්ධනයට රුපියල් මිලියන දහසක්.
සුළු හා මාධ්‍ය පරිමාන ව්‍යවසායකයින් සඳහා සංවර්ධන බැංකුවක්. එහි පරිපාලනයට රාජ්‍ය බැංකුවල සහාය.
කටුනායක ගුවන්තොටේ දෙවන පර්යන්තය කඩිනමින් ආරම්භ කරනවා.
සංචාරක ක්ෂේත්‍රයේ සඳහා ඩිජිටල් ටිකට් පත්‍ර ක්‍රමයක් අරඹනවා.
සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය රුපියල් මිලියන 500ක්.
වසරකට තොරතුරු තාක්ෂණික ආදායම ඩොලර් මිලියන 05 දක්වා වැඩි කරනවා.
මුදල් නෝට්ටු භාවිතය අවම කිරීමට කටයුතු සැලසුම් කරනවා.
ඩිජිටල් ආර්ථිකය සංවර්ධනය වේගවත් කිරීමට රුපියල් මිලියන 3000ක් වෙන් කරනවා.
ඩිජිටල් ආර්ථිකය ජාතික ආර්ථිකයෙන් 12%ක මට්ටමට ලඟා වීම අරමුණයි.
ඩිජිටල් හඳුනුම් කඩිනමින් හඳුන්වාදීමට පියවර ගන්නවා.
ඩිජිටල් ආර්ථිකය ඇමරිකානු ඩොලර් මිලියන 15ක් මට්ටමට ගෙන එනවා.
ඩිජිටල් ආර්ථිකයක් ස්ථාපිත කිරීමට පියවර ගන්නවා.
කොළඹ වාරයේ සහ කටුනායක ගුවන් තොටුපොල ස්කෑන් පද්ධතිය දියුණු කිරීමට රුපියල් මිලියන දහසක්.
වේයන්ගොඩ අභ්‍යන්තර බහාලුම් කළමනාකරණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට යෝජනාවක්.
වරායේ බහලුම් කළමනාකරණය කාර්යක්ෂම කිරීමට රුපියල් මිලියන 500ක්.
ජාතික කළමනාකරණ පද්ධතිය ශක්තිමක් කිරීමට රුපියල් මිලියන 750ක් වෙන්කරනවා.
විදෙස් ඉපයීම් සහ ලාභාංශ මෙරටට ගෙන්වා ගැනීමට නව ක්‍රමවේදයක් සකසනවා.
රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය සම්බන්ධ නව පනතක්.
ආර්ථික පරිවර්තන පනත සශෝධනය කර නැවත ඉදිරිපත් කරනවා.
නව රේගු පනතක් හඳුන්වාදීමක කටයුතු කරනවා.
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය සදහා පදනම සකස් කරනවා.
ප්‍රාථමික ගිණුමේ දෙකයි දශම තුනක අතිරික්තයක් පවත්වා ගන්නවා.
විනීමය අනුපාත තවදුරටත් අධික උච්ඡාවචනයට ලක් නොවන ක්‍රියාවලියක් සකසනවා.
ණය ගෙවීම සඳහා හැකියාව ලැබෙන ආර්ථික තත්ත්වයක් ගොඩනගනවා. 2028 දී ණය ගෙවීම අරඹනවා.
සීමිත අරමුදල් ප්‍රවේශම් සහගතව කළමනාකරණයට අවදානය යොමුකරනවා.
2025 තුළ භාණ්ඩ අපනයනය තුළින් ඩොලර් මිලියන 19කට ආසන්න අපනයන ආදායමක් අපේක්ෂා කරනවා.
අපනයන පුළුල් කරනවා ජාතික අපනයන සංවර්ධන සැලැස්මක් සකස් කරනවා.
අඩු සහ ස්ථාවර උද්දමනයක් පවත්වා ගැන්මට අපේක්ෂා කරනවා.
තරගකාරී වෙළඳපොළ අනුව මිල නියම කිරීම ඇතැම් ක්ෂේත්‍ර සඳහා නියාමනයක් කිරීම, යන සංකල්පය ක්‍රියාත්මක කරනවා.
අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සාධාරණ මිලකට.
දේශීය ව්‍යවසායකයා සහ සුළු හා මාධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් දිරිගන්වන අයවැයක්.
ජ්‍යෙෂ්ඨ පුරවැසි පොළි සහනාධාරය සඳහා ජුලි මාසයේ සිට මුදල් වෙන්කර තිබෙනවා. මෙවර අය වැයෙන් ප්‍රමුඛ කාර්ය සඳහා මුදල් වෙන්කර තිබෙනවා.
මහජනතාවගේ ආර්ථික අයිතිවාසිකම් තහවුරු කිරීම මෙවර අයවැයේ දර්ශනයයි.
ආර්ථිකය අර්බුදය විසින් පහළ ස්තරයට ඇති වී තිබෙන බලපෑම තවම අවසන් වී නැහැ, භාණ්ඩ මිල වැඩිවීම තරමට ආදායම වැඩි වීමක් සිදුව නැහැ.
මෙම වසර තුළ 5%ක ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක 2025 අයවැය කතාව සිදුකිරීම ආරම්භ කර තිබෙනවා.