පූර්ණ ලෙස සහ අර්ධ ලෙස හානි වූ නිවාසවලට වන්දි ලැබෙන්නේ මෙහෙමයි

ආපදාවෙන් පූර්ණ ලෙස සහ අර්ධ ලෙස හානියට පත් වූ නිවාස සඳහා ඇස්තමේන්තු ගත කිරීමෙන් අනතුරුව ලක්ෂ 25ක් දක්වා උපරිමයකට යටත්ව වන්දි ගෙවීමට කටයුතු කරන බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර පවසනවා.

අද (05) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එමෙන්ම හානියට පත් වූ නිවාස සුද්ද පවිත්‍ර කර ගැනීමට රුපියල් 25,000ක අත්තිකාරම් මුදලක් ද ලබාදෙන බව අමාත්‍යවරයා මෙහිදී යළි සිහිපත් කළා.

මේ අතර ආපදාවෙන් විනාශයට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට පත් කිරීම සඳහා රුපියල් බිලියන 72.5ක පරිපූරක ඇස්තමේන්තුවක් අද (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ, සඳහා රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව විසින් අනුමැතිය ලබාදුන් බවයි එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා අද පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33