සුළි කුණාටුවේදී ආණ්ඩුව කළ යුතු නමුත් නොකළ සිටි කරණු 14ක් ගම්මන්පිල හෙළි කරයි

නිකුත් වූ කාලගුණ වාර්තා නොසලකා සිටීම නිසා මෙම ව්‍යවසනය සිදු වූ බව පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක උදය ගම්මන්පිල පවසනවා.

ඒ අද (05)පිවිතුරු හෙළ උරුමය වුසින් කැඳවා තිබූ නාධ්‍ය හමුවකදී යි.

මෙරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මෙන්ම විදෙස් මාධ්‍ය මඟින් ද ශ්‍රී ලංකාවට බලපාන පරිදි විශාල සුළි කුණාටුවක් සහ එම සුළි කුණාටුවේ බලපෑමෙන් අධික වර්ෂාපතනයක් ද ඇති විය හැකි බවට අනතුරු අඟවා තිබියදී ආණ්ඩුව විසින් කළ යුතුව තිබුණු නමුත් නොකළ කාරණා 14ක් පිළිබදව උදය ගම්මන්පිළ විසින් අනාවරණය කරනු ලැබුවා.

  • වැසි ජලය රැස්කර ගැනීමට හැකි වන පරිදි ජලාශ හිස් නොකිරීම
  • ජලය පහසුවෙන් බැස යාමට හැකි වන පරිදි මෝය කට පුළුල් නොකිරීම
  • හමුදාව යොදා ඇළ මාර්ග මතුකර නොගැනීම
  • පළාත් පාලන ආයතන හරහා ජලය බැස යන කාණු පද්ධතිය පිරිසිදු කරලා ප්‍රතිසංස්කරණය නොකිරීම
  • නාය යන දිස්ත්රික 07ක අවදානම් කලාප ගොඩනැගිලි පර්යේෂණ ආයතනය හනුදෙන තිබ්බත් එම අවදානම් කලාපවල පදිංචි ජනතාව ඒ කලාප වලින් ඉවත් කිරීමට කටයුතු නොකිරීම
  • ජල ගැලීම් සහ නායයෑමෙන් අවදානමට ලක් විය හැකි ප්‍රදේශවල ඉන්න ජනතාව ඒ ප්‍රදේශවලින් ඉවත් කර ගැනීම සඳහ ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කර හමුදාව නොයෙදවීම
  • ත්‍රිවිද හමුදාව සම්බන්ධීකරණය කරන අරාක්ෂක මාණ්ඩලික ප්‍රධානි තනතුරු පත්කර නොතිබීම
    -රාජ්‍ය යාන්ත්‍රනය ක්ෂණිකව මෙහෙයවීමට අත්දැකීම් තිබෙන ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ජනධිපති ලේකම් තනුත්‍ර පත්කර නොතිබීම
  • හදිසි නීතිය ප්‍රකාශ කිරමට ප්‍රමාද වීම
  • ආපදාවට ලක් වූ ප්‍රදේශවලට යැවිය යුතු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් අයවැය විවාදයේ තබා ගැනීම
  • ජාතික ව්‍යවසන තත්ත්වයක් ප්‍රාක්ෂ කිරීමට කටයුතු නොකිරීම
    -ජාතික ආපදා සභාව කැඳවීමට කටයුතු නොකිරීම
  • හිටපු ජනාධිපතිවරුන්ගේ අත්දැකීමෙන් ප්‍රයෝජන නොගැනීම
  • රාජ්‍ය සේවය අත්‍යාවෂ්‍ය සේවයක් නොකිරීම

මෙම කාරණා 14 ඉටු නොකළ නිසා මෙම ආපදා තත්ත්වය තීව්‍ර වූ බවත් එමඟින් ජනතාව පිඩාවට පත් වූ බවත් ඔහු වැඩිදුරත් සඳහන් කළා.

  1. මෙම පුද්ගලයාට කිසියම් මානසික ව්‍යාදියක් තිබෙනව.කලකසිටම ආන්ඩුව විවෙචනය කර කෙරුමෙක් ඉන්න රෝගයක් වගෙ .මෙපමන කාලයක් කරපු දෙශපාලනයෙන් රට ආපස්සට යවන්න වෙරදරන රොගයක් .මාද්‍ය ඇයි මේ අයට ඉඩදෙන්නෙ.වතුර බෝතලයක් වත් දීල තියෙනවද.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පුනානි ප්‍රදේශයේ කසල බැහැර කරන ස්ථානය නිසා අලින්ට අත්වී ඇති ඉරණම - ජීවිත දැඩි අවදානමක
00:51
Video thumbnail
නිදන් සොයා කැනීම් කරමින් සිටි දෙදෙනකු උපකරණ එක්ක කුදලන් එයි
00:50
Video thumbnail
නුවරඑළියේ පෝනින් නිසා අනතුරු රැල්ලක් - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
00:41
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56