කටුනායක ගුවන් තොටුපොළ තුළ දරු ප්‍රසූතියක්

කටුනායක ගුවන් තොටුපොළට අද (05) උදෑසන පැමිණි ගුවන් මගී කාන්තාවක් ගුවන් තොටුපොළ තුළ දී දරු ප්‍රසූතියක් සිදුකර තිබෙනවා.

අදාළ ගැබිණි කාන්තාව ඩුබායි සිට අද (05) උදෑසන මෙරටට පැමිණ ඇති බවයි වාර්තා වුණේ.

29 හැවිරිදි ටැන්සානියානු ජාතික කාන්තාවක් මෙලෙස කටුනායක ගුවන් තොටුපොළේ දී දරුවෙකු ප්‍රසූත කර ඇති අතර, ඇය ෆිට්ස් එයාර් ගුවන් සේවයේ 8 ඩී. – 822 දරණ ගුවන් යානයෙන් ඩුබායි සිට මෙරටට පැමිණ තිබෙනවා.

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි මෙම ගුවන් මගී කාන්තාව යළිත් මැලේසියාවේ ක්වාලාලම්පූර් බලා පිටත්ව යාම සඳහා කටුනායක ගුවන් තොටුපොළ සංක්‍රමණික ගුවන් මගී පර්යන්තයේ රැදී සිට තිබෙනවා.

එහිදී ඇයට දරු ප්‍රසූතිය සදහා පූර්ව ලක්ෂණ සහිත ප්‍රසව වේදනා ඇති වීමත් සමඟ ඇයව වහාම කටුනායක ගුවන් තොටුපොළ වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කිරීමටයි කටයුතු කර ඇත්තේ.

එහිදී ඇය වෛද්‍යවරුන් සහ හෙදියන්ගේ සහාය මත පිරිමි දරුවෙකු ප්‍රසූත කර තිබෙනවා.

පසුව එම මව සහ බිළිඳා වැඩිදුර ප්‍රතිකාර සදහා මීගමුව මහ රෝහල වෙත යොමු කිරීමටයි කටයුතු කර තිබුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
16
+1
2
+1
6
+1
2
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද රෑ කොළඹට වෙන්න යන දේ..
03:17
Video thumbnail
බෝ ගසක අත්තක් ත්‍රී රෝදයක් මතට කඩා වැටී සිදු වූ අනතුර
01:07
Video thumbnail
ඩොලර් මිලියන 2.5 ගැන මහ බැංකුවේ අධිපති නන්දලාල් හෙළිකරයි..එයාලා සිස්ටම් වෙනස් කරලද දන්නේ නෑ
07:07
Video thumbnail
ගුරුවරියකගේ නොසැලකිල්ල නිසා සිඟිත්තියකට වුණ දේ..
10:22
Video thumbnail
මෙහෙම අනුබලදීම ම#ණ දණ්ඩනය ලැබිය යුතු වරදක්..අල්ලස් එකට යද්දි අන්තිම කැමති පත්‍රයත් ලියලා යන්න වෙලා
07:12
Video thumbnail
නාච්චදූව ජලාශයේත් වාන් දොරටු විවෘත කරයි
01:35
Video thumbnail
වැදි බණ දෙසන්න එපා ජනාධිපතිතුමා - අපි කොණ්ඩේ බැඳපු චීන්නු නෙමෙයි
06:12
Video thumbnail
ටිල්වින්ගේ ආන්දෝලනාත්මක වීඩියෝවක් මරික්කාර් එළියට දායි
09:49
Video thumbnail
"අවුරුදු 40ක් තිස්සේ අපි මේ දුක තමයි විදින්නේ"..මහ වැස්සෙන් කළුතර නිවාස රැසක් ජලයෙන් යටවෙයි
02:47
Video thumbnail
නීතියට උඩින් ඉන්න මාලිමා සෙට් එකේ නම් ටික සංජීව රටටම හෙළිකරයි
09:34