ක්‍රිෂ් ගනුදෙනුව තුළින් රුපියල් මිලියන 70ක මුදලක් සාපරාධි සාවද්‍ය පරිහරණ කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට ලබන 18 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද (05) සිතාසි නිකුත් කළා.
විත්තිකාර නාමල් රාජපක්ෂ මහතාට එරෙහි අධිචෝදනා පත්‍ර බාරදීම සඳහා ඔහුට අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් මෙලෙස සිතාසි නිකුත් කෙරුණා.
දූෂණ විරෝධී හඩ කමිටුවේ කැදවුම්කරු වසන්ත සමරසිංහ මහතා විසින් 2016 වසරේදී කළ පැමිණිල්ලකට අනුව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කළ විමර්ශනවලින් අනතුරුව නීතීපතිවරයා විසින් මෙම නඩු පවරා තිබෙනවා.
රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා යැයි පවසමින් ඉන්දියාවේ ක්‍රිෂ් සමාගමින් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන සාපරාධී සාවද්‍ය පරිහරණයක් සිදු කළේ යැයි නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කර තිබෙනවා.