කොරෝනා වෛරස් ව්‍යාප්තියේ තවත් අතුරු ඵලයක් මෙන්න

කොරෝනා වසංගතය හේතුවෙන් මන්දපෝෂණයෙන් පෙළෙන ජනගහණය තවදුරටත් ඉහළ යා හැකි බවට ඇස්තමේන්තු කර තිබෙනවා.

වසංගත තත්වයට පෙර ලෝක ජනගහණයෙන් සියයට 8.9 ක් එනම් මිලියන 690 ක් පමණ මන්දපෝෂණයෙන් පෙලුනු අතර, එය තවත් මිලියන 83 ත් 132 ත් අතර අගයකින් ඉහළ යා හැකි බවටයි ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ මූලික ඇස්තමේන්තු මගින් පෙන්වා දී ඇත්තේ.

2019 ගෝලීය ආහාර සුරක්ෂිතතා දර්ශකයට අනුව රටවල් 113ක් අතරින් ශ්‍රී ලංකාව පසුවන්නේ 66 වන ස්ථානයේයි.

ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පෙන්වා දෙන්නේ ළමා මන්ද පෝෂණය ශ්‍රී ලංකාවේ දීර්ඝකාලීනව පවතින ගැටළුවක් බවයි.

වසංගත කාල පරිච්ඡේදය තුළදී ආහාර නිෂ්පාදනය අඛන්ඩව සිදුකිරීම හා බෙදාහැරීම සඳහා ක්‍රියාමාර්ග ගනු ලැබුවද ගෝලීය හා දේශීය වශයෙන් ක්‍රියාත්මක වූ ආර්ථික හා සමාජ කටයුතු සීමාකිරීම් හා සංචරණ සීමා පැනවීම් හේතුවෙන් ආහාර සුරක්ෂිතතාවට බලපෑම් එල්ලවී තිබෙනවා.

එමෙන්ම වෛරසයේ ව්‍යාප්තියත් සමඟ ආහාර සඳහා ඇති ඉල්ලුම කෙරෙහි රෝග ව්‍යාප්ති මාර්ග පිළිබඳව ජනතාව තුළ ඇතිවූ ආකල්පවල ප්‍රතිඵලයක් ලෙස ප්‍රධාන ප්‍රෝටීන් මූලාශ්‍ර ආහාර වන මස් සහ මාළු සඳහා පැවති ඉල්ලුම පසුගිය වසර තුළ පහළ ගිය බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ.

වසංගත තත්වය මධ්‍යයේ ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම සඳහා ලක් රජය ප්‍රතිපත්තිමය තීරණ රැසක් ගනු ලැබුවා.

ආහාර අවශ්‍යතා යම් ප්‍රමාණයකට සපුරා ගැනීමට එතුළින් සහය සැලසුන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ.

කෙසේ වෙතත් ප්‍රධාන ආහාර ද්‍රව්‍ය කිහිපයක් සඳහා ශ්‍රී ලංකාව තවමත් අපනයනය මත යැපෙන බැවින් රටේ ආහාර සුරක්ෂිතතාවට ඇති අවදානම වළක්වා ගැනීම සඳහා කලාපීය වශයෙන් මෙන්ම රට තුළ ආහාර වෙළඳාමට පහසුකම් සැළසීම ඉතා වැදගත් බව මහ බැංකුව පෙන්වා දෙනවා.

එමෙන්ම ගෝලීයව මුහුණ පා ඇති වසංගත තත්වය හමුවේ ආහාර හිඟයන් ඇතිවිය හැකි බවට අනාවැකි පළවන පසුබිමක් තුළ වන අලින්, වඳුරන්, මොණරුන් සහ වල් ඌරන් වැනි වන සතුන් හේතුවෙන් සැළකිය යුතු භෝග හානියක් මෙරට තුළ සිදුවන අතර, එමඟින් දේශීය ආහාර සුරක්ෂිතතාවට තර්ජනයක් ඇති කරන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවල දැක්වෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස් බිරිඳ සංවේදි වෙයි - මගේ දරුවන්ව ගාව ගන්න එපා මේවට..ළමයි අද ඉස්කෝලේ යන්න බැහැ කියනවා
03:06
Video thumbnail
මන්ත්‍රී ශාන්ත එක්ක පැටලුණු පොලිස් නිලධාරියා මානව හිමිකම් යයි.."දැන් මටයි, මගේ පවුලටයි යන එනමන් නෑ"
06:45
Video thumbnail
රාජිතගෙන් ආණ්ඩුවට උපදෙස්..අද කොහෙද නිදහස් සෞඛ්‍යයක් තියෙන්නේ..අපේ කාලේ 100%ක් තිබුණා
07:56
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59
Video thumbnail
වැලිගම සභාපති ධුරයේ ඡන්ද විමසුම දින නොමැතිව කල් යයි..
03:31
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53
Video thumbnail
කෙහෙළිය වගේම නලින්දත් හිරෙට යන්න ඕනේ..සාධාරණ පරීක්‍ෂණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලලා CIDයට පැමිණිල්ලක්.
05:25
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ.. අපිලාගේ සාදු ලෙසටම දෙසයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57


?