ඉරාකයේ විවාහ නීති සංශෝධනයට යෝජනාවක් – අවුරුදු 09 දැරියන් අඹුකමට ගන්න අවස්ථාව

ඉරාකයේ විවාහ නීති සංශෝධනය කිරීමට යෝජනා වී ඇති බව වාර්තා වනවා.

මෙම නව විවාහ නීති සංශෝධනයත් සමඟ ඉරාකයේ පිරිමින්ට වයස අවුරුදු 9ක ගැහැණු ළමයින් පවා විවාහ කර ගැනීමට ඉඩ සලසන බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව කාන්තාවන්ට දික්කසාද වීමේ අයිතිය, ළමා භාරකාරත්වය සහ උරුමය අහිමි කිරීම සඳහා ද සංශෝධනයන් යෝජනා කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මානව හිමිකම් ක්‍රියාකාරීන් පවසන්නේ මෙම සංශෝධනය මගින් එරට කාන්තා අයිතීන් ආපසු හැරවීමටත්, රටේ බාල වයස්කාර විවාහ වැඩි කිරීමටත් හැකිවනු ඇති බවයි.

පවුල් කටයුතු සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා ආගමික බලධාරීන් හෝ සිවිල් අධිකරණය තෝරා ගැනීමට ද මෙම පනත් සංශෝධන මඟින් පුරවැසියන්ට ඉඩ සලසනවා.

මේ අතර ඉරාක සභාග රජය පැවසුවේ යෝජිත සංශෝධනය ඉස්ලාමීය ෂරියා නීතියේ දැඩි අර්ථකථනයට අනුකූල වන අතර තරුණ ගැහැණු ළමයින් ආරක්ෂා කිරීම අරමුණු කර ගෙන මෙය ගෙන එන බවයි.

ඉහළ ළමා විවාහ අනුපාතය දැනටමත් ඉරාකය පුරා පැතිර පවතින අතර,ඉරාක ගැහැණු ළමයින්ගෙන් 28% ක් පමණ වයස අවුරුදු 18 වන විට විවාහ වී ඇති බවයි හෙළිව ඇත්තේ.

මෙම යෝජිත සංශෝධන මගින් තත්ත්වය වඩාත් නරක අතට හැරෙනු ඇතැයි යුනිසෙෆ් සංවිධානය අපේක්ෂා කෙරෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04