ලොරි රියදුරාගේ දවල් කෑම සල්ලි අල්ලස් විදියට ගත් පොලිස් නිලධාරීන් දෙදෙනා රිමාන්ඩ්

රුපියල් 1.500ක අල්ලස් මුදලක් ගත පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ලබන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නිකවැරටිය මහේස්ත්‍රාත්වරයා විසින් අද නියෝග කර තිබෙනවා.

එදිනට සැකකාර පොලිස් නිලධාරීන් දෙදෙනා හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙසයි අධිකරණය නියෝග කර ඇත්තේ.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ කොබෙයිගනේ පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙක්.

මොවුන් දෙදෙනා රථවාහන රාජකාරී සිදුකරන අතර තුර ඊයේ (09) මාර්ග බාධකයක දී ලොරි රථයක් නවත්වා එහි රියදුරාගේ රියදුරු බලපත්‍රය අදාළ වාහන පන්තියට අයත් බලපත්‍රයක් නොවන බවට පවසා තිබෙනවා.

එහිදී එම පොලිස් නිලධාරීන් දෙදෙනා විසින් අදාළ රියදුරාට දහවල් ආහාරය සඳහා ආයතනයෙන් ලබා දී තිබූ රුපියල් 2,000ක මුදලින් රුපියල් 1,500ක මුදලක් අල්ලස් ලෙස ලබාගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අදාළ ආයතනයේ හිමිකරු විසින් සිද්ධිය පිළිබඳව වයඹ දිශාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාව දැනුම්වත් කිරීමෙන් පසු සැකකාර පොලිස් නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අද දිනයේ මෙලෙස නිකවැරටිය අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබෙනවා.

  1. කලකට ඉහත මම මරදානෙ පොලීසියට ගියා පාස්පෝට් එක නැතිවෙලා පැමිණිලි කරන්න .. එදාම කොපිය අවශ්‍ය වුණා මට… පැමිණිලි ලියපු කෙනාට සිගරැට් දහයකුයි,පිටපත ලියල දීපු කෙනාට රුපියල් 500කුයි දෙන්න වුණා…. මේ වගේ මුදල් අරගෙන මොනතරම් අපරාධ වලට සහන දෙනවා ඇත්ද…. මම දන්න ssp කෙනෙක් ඉන්නවා …වයස 90ක් එයාට නිතර අනතුරු වෙනවා… සැත්කම් කරනවා…. එයාම කියනවා පොලීසියේ ඉන්න කාලෙ මම කරපු අපරාධවලට තමයි මේ විඳවන්නෙ කියලා…..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04