කෝටියක කුෂ් සමඟ රුසියානුවෙක් ගුවන් තොටේ දී අල්ලයි

රුපියල් කෝටියක් පමණ වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සිය ගමන් මල්ලේ සූක්ෂම ලෙස සඟවා ගෙන පැමිණි විදේශිකයෙක් කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (23) පස්වරුවේ මෙම විදෙස් ජාතිකයා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු විදෙස් ජාතිකයා 34 හැවිරිදි රුසියානු ජාතිකයෙක් වන අතර, සැකකරු තොරතුරු තාක්ෂණ නිලධාරීවරයෙකු ලෙස සේවය කරන්නෙක් බවයි අනාවරණය වී ඇත්තේ.

මොහු මෙම කුෂ් මත්ද්‍රව්‍ය වගා කර, සකස් කර, ලොව පුරා රටවල් අතර බෙදාහැරීමේ ජාවාරමක ද නිරත පුද්ගලයෙකු බවටයි අනාවරණය කරගෙන ඇත්තේ.

තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරණ ගුවන් යානයෙන් ඊයේ (23) මොහු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

මොහු විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ වූ ස්පොන්ජ් යොදා සකස් කළ නිදාගැනීමට භාවිත කරන කොට්ටයක් තුළ කිලෝ ග්‍රෑම් 01යි ග්‍රෑම් 50ක් බරැති කුෂ් මත්ද්‍රව්‍ය තොගය සූක්ෂම ලෙස සඟවා තිබිය දී සොයාගෙන තිබෙනවා.

අත්දන්ගුවට ගැනුණු රුසියානු ජාතිකයා ඊයේ (23) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර, එහිදී ඔහු ලබන 29 වනදා දක්වා රදවා තබා ගෙන ප්‍රශ්න කිරීම අවසර ලබාදී තිබෙනවා.

ඒ අනුව සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ මූලස්ථානය වෙත භාරදීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56