සුදුවෑන් නඩුවෙන් රාජිත නිදොස් කොට නිදහස්

වෙස්මාරු කරගත් පුද්ගලයින් දෙදෙනෙකු යොදවා 2019 ජනාධිපතිවරණය සමයේ දී ජනාධිපති ධුර අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වූ ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් කැඳවමින් අසත්‍ය ප්‍රකාශ සිදුකිරිමට පෙළඹවීම ඇතුළු චෝදනා යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් තාසිම් රුමි යන දෙදෙනා විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව නිදහස් කෙට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා නියෝග කළා.

දිර්ඝ නඩු විභාගයකින් පසුව අද (29) කොළඹ මහාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය පසුගිය සැප්තැම්බර් (25) වනදා අවසන් වුණා.

එම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගයේ දී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි මිහිදුසිරි අබේසිංහ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින රජයේ අධිනීතිඥ පද්මාල් ද සිල්වාගේ මෙහෙයවීම මත සාක්ෂි ලබාදුන්නා.

එම සාක්ෂියෙන් පසුව සාක්ෂි විභාගය අවසන් කරන බව රජයේ අධිනීතිඥ වරයා අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.

විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කොට නොමැති බැවින් විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරවම අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 (1) වගන්තිය යටතේ සිය සේවාදායකයින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලිමක් කිරිමට අපේක්ෂා කරන බව විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නිතිඥ අනිල් සිල්වා අධිකරණයට පැවසුවා.

2019 නොවැම්බර් 10 වනදා තිඹිරිගසයාය ප්‍රදේශයේ දී පැවති මාධ්‍ය හමුවක දී අසත්‍ය ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරනු ලැබුවා.

ගෝඨභය රාජපක්ෂගේ මෙහෙයවීම මත සුදු වෑන් භාවිත කර පුද්ගලයින් පැහැර⁣ගෙන ගොස් ඝාතනය කළ බවට සහ වෙළුපිල්ලේ ප්‍රභාකරන් සතුව තිබූ රන් භාණ්ඩ උන්ඩියල් ක්‍රමයට මාරු කළ බව සඳහන් කළ උන්ඩියල් අතුල සහ ඇන්තනී ඩග්ලස් යන පුද්ගලයින් ලවා අසත්‍ය ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් එම නඩුව පවරනු ලැබුවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් 2019 දෙසැම්බර් 27 දින ලංකා රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටිය දී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් රාජිත සෙනාරත්න අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සූර්ය බලශක්ති ව්‍යාපෘතිවලට දාලා තියෙන තහංචි අයින් කරන්න - සජිත් රජයෙන් කළ ඉල්ලීම
01:46
Video thumbnail
ජලභීතිකා නව පනත තුළින් සිදුවන ගැටලු ගැන සජිත් හෙළිකරයි - තවත් සංශෝධනය කරන්න එපා
05:50
Video thumbnail
රුමේෂ්ගේ ජයග්‍රහණය ගෙදර අය කෑගහලා සමරපු හැටි - සතුටට කට්ටිය රතිඤ්ඤත් දායි
01:36
Video thumbnail
ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ රන් පදක්කම රුමේෂ්ට - මහ වැස්සේ අපේ කොල්ලා ගැහුව ගේම
00:52
Video thumbnail
අවසරලත් පීටිකාවෙන් පිට මත්පැන් තබා සාදයක් පැවැත්වූ කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:28
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:37
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ
01:50
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:21
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:07
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ
00:54