පාර්ලිමේන්තුව දෙසැම්බර් 03 තෙක් කල් තැබෙයි – නව අයවැය පෙබරවාරි මාසයේ දී

මෙරට ආර්ථික, සමාජ, දේශපාලනික සහ සංස්කෘතික ප්‍රවර්ධනය සඳහා ගත හැකි සෑම රාජ්‍යය ප්‍රතිපත්තියක් ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් පරිද්දෙන් ම ක්‍රියාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

අද (21) 10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සභා වාරයේ රාජාසන කතාව සිදු කරමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

පසුගිය රජයන් සේ තම පාලනය යටතේ කිසිදු ලෙසකින් ජාතිවාදය අවුස්සමින් මහජන කැරළිකාරී තත්ත්වයකට පරිවර්තනය කරලීමට ඉඩක් නොදෙන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

විශාල මහජන බලයක් මහජන නියෝජිතයින් වෙනුවෙන් සහ යහපත් රටක් වෙනුවෙන් ලබා දී ඇති පසුබිමක පාර්ලිමේන්තුව මීට වඩා මහජනතාවට විවෘත මධ්‍යස්ථානයක් බවට පත් කිරීම තම රජයේ අරමුණ බවයි හෙතෙම කියා සිටියේ.

එමෙන්ම රටේ රාජ්‍ය සේවය පිළිබඳව ජනතාවගේ කිසිදු යහපත් ආකල්පයක් නොමැති බවත්; රාජ්‍ය සේවයේ නිලධාරීන් ද සිය සේවය සම්බන්ධයෙන් යහපත් මානසික මට්ටමක හෝ තෘප්තිමත්භාවයක් නොමැති බව ද ජනාධිපතිවරයා පැවසුවා.

මේ හේතුවෙන් ඉතිහාසයේ පළමු වරට රාජ්‍ය සේවකයින්ගෙන් ලද ඉහළතම මනාප සංඛ්‍යාව ද තම රජය ලැබූ හෙයින් රාජ්‍ය සේවය ‘තෘප්තිමක් රාජ්‍යය; සේවයක් බවට පත් කරමින් ජනතාව සහ නිලධාරීන් යන දෙපාර්ශ්වයම සතුටු වන ආකාරයේ නව යෝජනා හා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන බවත් අනුර කුමාර දිසානායක මහතා සිය රාජාසන කතාවේ දී අවධාරණය කළා.

දරිද්‍රතාව තුරන් කිරීම වෙනුවෙන් සෑම පුරවැසියෙක් වෙනුවෙන් ම ග්‍රාමීය පුරවැසියන්ට හොඳ ආදායම් මාර්ගයක් ලබාදීම සිය රජයේ ප්‍රධාන අරමුණ බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

එහි පළමු පියවර වශයෙන් අස්වැසුම ලබන අයවැයෙන් යම් මුදල් ප්‍රමාණය ඉහළ නැංවීමක්, රාජ්‍ය සේවකයින්ට දිරි දීමනාවක් (රු.3000), අධ්‍යාපනයට ග්‍රාමීය දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ මිලට ගැනීමට යම් සහනයක් ලබාදීමටත්, මන්දපෝෂණය තුරන් කිරීම සඳහා අඩු ආදායම්ලාභී පවුල් වෙත සාධාරණ සහනයක් රජයෙන් ප්‍රතිපත්ති සවිමත් ව ක්‍රියාත්මක වන තෙක් ලබාදීමට කටයුතු කරන බවයි රාජාසන කතාවේ දී ප්‍රකාශ කෙරුණේ.

කෙතරම් නීති තිබුණ ද, ඒවා පාර්ලිමේන්තුව තුළ සම්මත වුව ද, නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සඳහා බිඳ වැටුණු නීතිය ගැන විශ්වාසය යළි ගොඩනැගීමට සම්මත නීති සක්‍රීය මට්ටමකට රැගෙන ඒමටත්, ආන්දෝලනයකට තුඩු දුන් නඩු සහ අපරාධ සිද්ධි පිළිබඳව නැවත පරීක්ෂණ අරඹමින් නිසි වැරදිකරුවන්ට දඬුවම් දීමත්, වින්දිතයින්ට සාධාරණයක් ඉටු කිරීමත් අනිවාර්‍යයෙන් ම සිදු කරන බවයි වත්මන් රජයේ ක්‍රියාකාරිත්වය ගැන සඳහන් කළ ජනාධිපතිවරයා පවසන්නේ.

ඉන් අනතුරුව සෑම පුරවැසියෙකුට ම බියෙන් සැකෙන් තොර ව ජීවත් විය හැකි ස්වාධීන රාජ්‍යයක් බිහි කරන බවත් රාජාසන කතාවේ දී ප්‍රකාශයට පත් කෙරුණා.

සංචාරක කර්මාන්තය ඉහළ නංවා ඉහළ විනිමය ආදායමක් පෙර වසරවලට වඩා ගෙන ඒම, තොරතුරු තාක්ෂණ විෂය ක්ෂේත්‍රයේ නව පිම්මක් ඇති කරමින් ඩිජිටල්කරණයට රට නැඹුරු කිරීමත්, ලෝකයේ ප්‍රබල වෙළෙඳ හා නාවික කටයුතු මධ්‍යස්‍ථානයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමත් ජාතික ජන බලවේගය රජයක් යටතේ සිදු කිරීමට සැලසුම් සකස් කර ඇති බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

ණයගැති නොවන ගොවි ප්‍රජාවක් නිර්මාණය කිරීමට කෘෂිකර්මාන්තයට අවශ්‍ය සෑම සහනයක් ම ලබාදෙන බව ද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා.

එමෙන්ම ඉතිරි මාස 04 සඳහා අතුරු අයවැයක් සම්මත කරගනිමින් මූල්‍ය ප්‍රතිපාදන වෙන් කරගැනීමටත්; නව අයවැය 2025 පෙබරවාරි මාසයේ දී ඉදිරිපත් කර මාර්තුවල දී සම්මත කරගැනීමටත් බලාපොරොත්තු වන බවයි ජනාධිපතිවරයා තවදුරටත් සඳහන් කළේ.

මේ සමග 10 වැනි පාර්ලිමේන්තුවේ රාජාසන කතාව අවසන් කරමින් ජනාධිපතිවරයා සිය ප්‍රකාශය අවසන් කළා.

ඒ අනුව පාර්ලිමේන්තුව කල් තැබීම සභා නායක බිමල් රත්නායක මහතා විසින් සිදු කරනු ලැබූ අතර නැවත දෙසැම්බර් මස 03 වැනි අඟහරුවාදා පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08