කෘෂිකර්ම, අධ්‍යාපන, සංචාරක හා රාජ්‍ය සේවය නගා සිටුවීමට නෙදර්ලන්තයේ සහාය

කෘෂිකර්ම, අධ්‍යාපන, සංචාරක සහ රාජ්‍ය සේවයේ ප්‍රවර්ධනය වෙනුවෙන් තාක්ෂණික සහාය සහ මූල්‍ය පහසුකම් ලබාදීමට නෙදර්ලන්ත රජයේ අවධානය යොමු ව තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ; ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත නියෝජ්‍ය තානාපති ඉවාන් රෙට්ජෙන්ස් (Iwan Rutjens) මහතා ඇතුළු නෙදර්ලන්ත වැගිනින්ගන් විශ්වවිද්‍යාලයේ පර්යේෂණ මහාචාර්යවරු කණ්ඩායම ජනාධිපති කාර්යාලයේ දී අද (13) ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමු වූ අවස්ථාවේ දී මේ පිළිබඳ සාකච්ඡා කෙරුණු බවයි.

ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්හි දී පසුගිය වසර 7 පුරාවටම ලෝකයේ අංක එකේ තිරසර විශ්වවිද්‍යාලය ලෙස නම් කර ඇති නෙදර්ලන්තයේ වැගිනින්ගන් විශ්වවිද්‍යාලය හා පර්යේෂණ ආයතනය (Wageningen University & Research) කෘෂිකර්ම, කෘෂි පාරිසරික සංචාරක කර්මාන්තය යන අංශයන්හි ශ්‍රී ලංකාවේ ප්‍රධාන පාර්ශ්වකරුවන් හා එක්ව නව සහයෝගීතා වැඩසටහන් ආරම්භ කිරීමට අපේක්ෂා කරනවා.

ඒ සඳහා ඇති අවස්ථාවන් හා අභියෝග හඳුනා ගනිමින් ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව වැනි අරමුදල් සැපයෙන බහුපාර්ශ්වික සංවිධානවල සහ පෞද්ගලික අංශයේ සහාය ඇතිව වනවගාවන් සහ තිරසාර ආහාර පද්ධති සඳහා වන ව්‍යාපෘති සිදු කිරීම සඳහා අවධානය යොමු වී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මෙම වැඩසටහන්වල දී ශ්‍රී ලංකාව සමඟ සමීපව කටයුතු කරමින් තාක්ෂණික සහ මූල්‍ය පහසුකම් ලබාදීමට මෙහිදී නෙදර්ලන්ත නියෝජිත පිරිස කැමත්ත පළ කර තිබෙනවා.

නෙදර්ලන්තයේ වැගිනින්ගන් විශ්වවිද්‍යාලයේ පර්යේෂණ අංශයේ සභාපති මහාචාර්ය විල්ෆ්‍රඩ් ඩොල්ෆ්ස්මා, කල්‍යාන් චක්‍රවර්තී ගුන්ටුබොයිනා, සංස්කෘතික භූගෝලීය පර්යේෂණ සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය එඩ්වර්ඩ් හයිජ්බෙන්ස්, නෙදර්ලන්තයේ සොල්මිරායි සමාගම් සමූහයේ (Solmirai group of companies) රිකාඩෝ ඇබ්ඩොයෙල්, ෂාමෝ ලඛීසරන් යන මහත්ම මහත්මීහු සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රනිල් ද සිල්වා මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03