AFC Banner
Empty Ad
AFC Banner

බලශක්ති අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවට ජනපති එක්වෙයි (වීඩියෝ)

ජනාධිපති අනුර කුමාර දිසානායක බලශක්ති අමාත්‍යාංශයේ අද (15) පෙරවරුවේ පැවැති ප්‍රගති සමාලෝචන සාකච්ඡාවට එක වුණා.

අනෙකුත් රටවල බලශක්ති ක්ෂේත්‍රයට ඉහළ ස්ථානයක් ලැබී තිබෙන ආකාරයෙන්ම ශ්‍රී ලංකාව තුළ ද බලශක්ති ක්ෂේත්‍රයට ප්‍රමුඛ ස්ථානයක් ලබා දී ඇති බව එහි දී පෙන්වා දුන් ජනාධිපතිවරයා බලශක්ති අමාත්‍යාංශය යනු මූල්‍ය ඉපයීම් සිදුවන අමාත්‍යාංශයක් බවත් ඉහළ ඉපයීමක් තිබෙන විට අක්‍රමිකතා සිදුවිය හැකි බවට සමාජයේ කතිකාවක් තිබෙන බවත් සඳහන් කළා.

මෙවර ජනාධිපතිවරණයේ දී ජනතාව අපේක්ෂා සහගතව සිය මනාපය භාවිත කර තිබෙන බවත් එම ජනවරමට වගවීමට තමන් බැදී සිටින බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසුවා.

පැරණි දේශපාලන සංස්කෘතියට තිබෙන විරෝධතාව, පුරවැසියා මුහුණ දෙන ආර්ථික ගැටලු හා රාජ්‍ය සේවයේ කාර්යභාරය පිළිබඳ පුරවැසියාගේ අතෘප්තිමත්භාවය ආදී හේතු නිසා පුරවැසියා නව දේශපාලන සම්ප්‍රදායක් කෙරෙහි විශ්වාසය තබා ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පෙන්වා දුන්නා.

රටේ ආර්ථිකය බිඳ වැටීම පිටුපස වංචාව දූෂණය හා නාස්තිය තිබූ බව ජනතාව විශ්වාස කරන බවත්, එය වැළැක්වීම සඳහා මෙවර ජනවරම ලබා දී ඇති බවත් පැවසූ ජනාධිපතිවරයා රාජ්‍ය දේහය පුරා පැතිර පවතින වංචා දූෂණ නැවැත්වීම සඳහා ජනතාව තැබූ විශ්වාසය තමන් රකින අතර, රාජ්‍ය සේවකයින් ද තමන්ගේ වගකීම නිසි අයුරින් ඉටු කිරීමට කැපවන ලෙස රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලා සිටියා.

මහජන ධනය සාංඝික දේපළක් හා සමානව සුරැකිය යුතු බවත් එම ධනය වංචාවට හෝ දූෂණයට ලක් කිරීමට කිසිදු අයෙකුට යුක්ති සහගත අයිතියක් නොමැති බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

පුරවැසියා තෘප්තිමත් කිරීම සඳහා ඵලදායි හා කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් නිර්මාණය කිරීමට වත්මන් රාජ්‍ය සේවකයාගේ කැපවීම අත්‍යවශ්‍ය බව ද ඒ සඳහා ගත යුතු සෑම පියවරක්ම ගැනීමට තමා කටයුතු කරන බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී පැවසුවා.

මෙවර ජනවරමේ සංයුතිය , අරමුණ හා අපේක්ෂාවන් ඉටු කරගැනීම සඳහා රාජ්‍ය සේවකයා වගකීමෙන් හා වගවීමෙන් කටයුතු කළ යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඊට අදාළ දේශපාලන නායකත්වය තම කණ්ඩායම ලබාදීමට සූදානම් බවත් කියා සිටියා.

රාජකාරී සීමාව තුළ රාජ්‍ය සේවකයා ගනු ලබන ජනතා හිතවාදී සෑම කටයුත්තක් වෙනුවෙන්ම තමන් පෙනී සිටින බවත්, නොකළ යුතු දේ සිදු කළහොත් ඊට අදාළ ක්‍රියාමාර්ග ගැනීමට නොපැකිළෙන බවත් ඔහු වැඩිදුරටත් සදහන් කළා.

බලශක්ති ක්ෂේත්‍රයේ දැනට ක්‍රියාත්මක වෙමින් පවතින සහ ඉදිරි වසර කිහිපය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති පිළිබඳ සවිස්තාරත්මක හා දීර්ඝ සමාලෝචනයක් මෙහිදී සිදු කෙරුණා.

ඉදිරි වසර තුන තුළ බලශක්ති ක්ෂේත්‍රයේ ඉලක්ක සපුරා ගන්නා ආකාරය පිළිබඳව මෙන්ම ජනතාවට ලබාදිය හැකි කෙටි සහ දිගුකාලීන සහන පිළිබඳව ද මෙහිදී වැඩිදුරටත් සාකච්ඡාවට ලක් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරගේ ආර්ථික විශේෂඥයාගේ - පැටිකිරිය අමු අමුවේ එළියට #akd #npp #anurakumaradissanayake
Video thumbnail
ළඟදිම ඇතුළට යන සෙට්එක ගැන බදුල්ලෙදි සමන්ත විද්‍යාරත්නගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් #npp #akd
03:43
Video thumbnail
ජනපති අනුර නුවර එළිය දෙවනක් කරයි #anurakumaradissanayake #akd #npp
51:46
Video thumbnail
ආණ්ඩුවේ හිතවත් අයට රටේ - නීති ක්‍රියාත්මක වෙන්නේ නෑ - ගම්මන්පිලගෙන් හෙළිදරව්වක්
02:36
Video thumbnail
රංජන්ගේ පක්ෂයේ කෙරුවාව එළියට - කෝටි ගණන් සල්ලි බෙදපු හැටි සාක්ෂි එක්කම හෙළි කරයි
36:18
Video thumbnail
රනිල්ගෙන් අනතුරු ඇඟවීමක් - ලයිසන් නැති ඩ්‍රයිවර්ලා එක්ක යනවද? නැද්ද ? #ranilwickremesinghe
04:24
Video thumbnail
මහින්දට ප්‍රමාණවත් ආරක්ෂාවක් නෑ - එතුමාට යම්කිසි අයුරකින් හානියක් වුණොත් ? #mahindarajapaksha
07:17
Video thumbnail
මාධ්‍යත් රැගෙන ඇමති සුසිල් දෙල්කඳ පොලේ යයි
08:36
Video thumbnail
තිස්තුන් කෝටියක් දෙවිවරු ඉන්නවා - 9000ක් මන්ත්‍රීවරු හිටියා ඒත් අපිට කෙලවෙලා
02:16
Video thumbnail
ගමින් ගමට යන නාමල් - කොහොම හිටිය මිනිස්සුද ? මේ... #namalrajapaksha
03:50

?