ශකීබ් අල් හසන් ජාතියෙන් සමාව අයදියි

බංග්ලාදේශයේ හිටපු ක්‍රිකට් නායක ශකීබ් අල් හසන් සිය ජනතාවගෙන් සමාව ඉල්ලා තිබෙනවා.

ඒ පසුගියදා බංග්ලාදේශය තුළ හටගත් ප්‍රකෝපකාරී සිද්ධීන්වල දී ඔහු නිහඬව සිටීමත්; හෙතෙම අවාමි ලීගයට දේශපාලන ව්‍යාපාර සිදු කිරීම හේතුවෙන් ජනතාව තුළ දැඩි විරෝධතාවක් එල්ල වී තිබුණා.

ශකීබ් අල් හසන්ට ඉන්දීය සංචාරය නිමා කර යළි මව් බිමට ඒමේ දී ආරක්ෂාවේ තර්ජනයක් ද ඇති බවට පසුගියදා තොරතුරු වාර්තා වූ අවස්ථාවේ දී එරට ක්‍රිකට් පාලක මණ්ඩලය දැනුම්දී තිබුණේ ඔහුට ද ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයෙකුට ලැබෙන ආරක්ෂාව පමණක් ලබා දෙන බවයි.

කෙසේවෙතත් ශකීබ් අල් හසන් සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් පවසා ඇත්තේ;

”මගේ නිශ්ශබ්දතාවයෙන් රිදුණු ඔබලාගෙන්, මම අවංකවම සමාව ඉල්ලනවා” යනුවෙන්.

ඉදිරියේ දී ශකීබ් අල් හසන් ක්‍රීඩාවෙන් ද සමු ගැනීමට නියමිතයි.

පසුගියදා බංග්ලාදේශයේ ඩකා නුවර හටගත් විරෝධතා හේතුවෙන් සිවිල් වැසියන් සේම ආරක්ෂක අංශ නිලධාරින් ද විශාල වශයෙන් ජීවිතක්ෂයට පත් වුණා.

ජුලි මාසයේ දී බංග්ලාදේශ සිසුන් විසින් මෙහෙයවන ලද මෙම විරෝධතා හේතුවෙන් සිදු වූ මරණ වෙනුවෙන් ද ශකීබ් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ.

එමෙන්ම අවාමි ලීග පක්ෂයේ ක්‍රියාකාරීත්වය රජය බිඳ වැටීමට හේතුවක් වූ බවට ද ශකීබ් පළමු වරට පිළිගෙන තිබෙනවා.

ශකීබ් වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙවැන්නක්;

“පළමුව, සිය ජීවිත පරිත්‍යාග කළ, වෙනස්කොට සැලකීමට එරෙහි ව්‍යාපාරයට නායකත්වය දුන්, සහ ජනතා විප්ලවයේ දී දිවි පිදූ හෝ තුවාල ලැබූ සියලුම සිසුන්ට මගේ ප්‍රණාමය පුද කිරීමට මම කැමතියි. ඔවුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට මගේ බලවත් ශෝකය ප්‍රකාශ කරමි. ආදරය කරන කෙනෙකුගේ වියෝව වෙනුවෙන් කිසිම කැපකිරීමකින් වන්දියක් ගෙවිය නොහැකි වුවත්, මගේ නිහඬතාවයෙන් රිදුණු ඔබට දරුවෙක් හෝ සහෝදරයෙක් අහිමි වීමේ අඩුව කිසිවකින් පිරවිය නොහැක. මෙම තීරණාත්මක කාල පරිච්ඡේදය තුළ, මම ඔබේ හැඟීම්වලට ගරු කරන අතර, මම ඔබේ ස්ථානයේ සිටියේ නම්, මම ද කලබල වීමට ඉඩ තිබුණි..” යනුවෙන් ශකීබ් අල් හසන් එහි වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

ෂකීබ් ජූලි මාසයේ දී බංග්ලාදේශයේ ප්‍රචණ්ඩත්වය අතරතුර ග්ලෝබල් T20 කැනඩා ෆ්‍රැන්චයිස් ලීගයට ක්‍රීඩා කරමින් සිටියා.

එමෙන්ම ශකීබ් සිය ක්‍රීඩා දිවියෙන් ද සමුගැනීමට මේ වසර අග භාගයේ දී තීරණය කර ඇති අතර; ඔහු තැබූ ෆේස්බුක් සටහනේ ඒ බව ද සඳහන් කර ඇත්තේ මෙසේයි;

“මගේ වටේ ඉන්න ඔයාලා හැමෝම එක්ක කතාබහ කරලා සමුගන්න ඕනේ. සමුගන්නා මොහොතේදීත් මට සාර්ථකව ක්‍රීඩා කරන්න අත්පොළසන් දුන් අය සමග මට අතට අත දෙන්න අවශ්‍යයි. මම හොඳින් ක්‍රීඩා කරන විට ප්‍රීතියෙන් ඔල්වරසන් දුන් අයගේ දෑස් හමුවීමට මට අවශ්‍යයි. මම නොදකින විට ඔහුගේ දෑස් කඳුලින් තෙත් විය.” යනුවෙන් එහි සඳහන්.

ශකීබ් මේ වනවිට එක්දින සහ පන්දුවාර 20 ක්‍රිකට් පිටියෙන් සමුගෙන සිටින අතර ඔක්තෝබරය අවසන් වන විට හෙතෙම ටෙස්ට් පිටියට ද සමුදීමට නියමිතයි.

අගෝස්තු මස මුල දී ඔහු යළි මව්රටට පැමිණි අවස්ථාවේ දී රට තුළ හටගත් අර්බුද ගැන විමසූ විට ශකීබ් නොරිස්සුම් අයුරින් පිළිතුරු දීම එරට ජනතාවගේ අප්‍රසාදයට තුඩු දුන්නා.

අවාමි ලීගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත් වුණ මන්ත්‍රීවරයෙක් වීම නිසාවෙන් ඔහුගේ එම හැසිරීම ලෝක මාධ්‍යයේ ද දැඩි ලෙස කතාබහට ලක් වුණා.

කෙසේවෙතත් ශකීබ් අල් හසන් ව එරට අධිකරණයෙන් අවාමි ලීග් නායකයින් 146 දෙනෙකු සමඟ විරෝධතාවලට සම්බන්ධ මිනීමැරුම් නඩුවකට ද විත්තිකාර පාර්ශ්වයක් ලෙසින් මේ වනවිට නම්කර අවසන්.

ශකීබ් අල් හසන් යනු බංග්ලාදේශයෙන් එතෙක් මෙතෙක් බිහි වූ විශිෂ්ටතම තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන අතර හෙතෙම ටෙස්ට්, එක්දින හා 20-20 තරග ආකෘති තුනෙහි නායකත්වය ද ගෙන කටයුතු කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු - බලන්නකෝ මනුස්සයා කරන කැත වැඩේ
02:51