AFC Banner
Empty Ad
Empty Ad

එවරස්ට් කන්ද පිළිබඳව අලුත්ම අනාවරණයක්

එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2කින් ඉහළ යන බව නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

ඒ අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ හා පස් ඛාදනය වීම හේතුවෙන් වන අතර ලන්ඩන් යුනිවර්සිටි කොලේජ් පර්යේෂකයින් පවසන්නේ, මේ හේතුවෙන් එවරස්ට් කන්ද මීටර් 15 ත් 50ත් අතර ප්‍රමාණයකින් උස් වී ඇති බවයි.

එවරස්ට් චීන සහ නේපාල දේශසීමා මායිමේ පිහිටා ඇති අතර එහි උතුරු කොටස ඇත්තේ චීනය දෙසටයි.

මීට වසර මිලියන 40-50කට පෙර ඉන්දීය සහ යුරේසියා භූ තැටි ඝට්ටනය වීමෙන් ඇති වූ පීඩනය හේතුවෙන් හිමාලය සෑදී ඇති අතර පෘථිවි පෘෂ්ඨයේ ව්‍යුහයට බලපාන මහා පරිමාණ ක්‍රියාවලි එහි අඛණ්ඩ වර්ධනයට ප්‍රධාන හේතුව ලෙස බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

එවරස්ට් කන්ද උස යාම සඳහා බලපාන ප්‍රධාන සාධකයක් වන්නේ අරුන් ගංගාව පාමුල ඇති පාෂාණ හා පස් ඛාදනය වෙමින් ඉහළට තල්ලු වීම බව, ඒ පිළිබඳ අධ්‍යයනය කළ ලන්ඩන් යුනිවර්සිටි කොලේජ් පර්යේෂකයින් පවසනවා.

මේ හේතුවෙන් එවරස්ට් කන්ද මීටර් 15ත් 50ත් අතර ප්‍රමාණයකින් උස් වීමට ඉඩ ඇති බව ඔවුන් පෙන්වා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?