අඛණ්ඩ ආර්ථික අරගලයක සිටින චීනය

මෑතකදී රටේ 75 වන ආරම්භක දිනය සමරද්දී පවා, රටේ වත්මන් තත්ත්වය චීන කොමියුනිස්ට් පක්ෂය විසින් නිරූපණය කරන දෙයට වඩා බොහෝ සෙයින් වෙනස් වන අතර රට ආර්ථික ප්‍රගතියක් ලබා ගැනීම සඳහා අඛණ්ඩව අරගල කරමින් සිටින බව CNN වාර්තා කරනවා.

රැකියා වෙළෙඳපොළේ අරගල කරන රටේ තරුණයින්, වැටුප් කප්පාදුවෙන් හා රැකියා අහිමි වීම් නිසා පීඩා විඳින සුදු කරපටි සේවකයින්, ව්‍යාපාර පවත්වාගෙන යාමට අරගල කරන ව්‍යවසායකයින්, කඩා වැටෙන නිවාස මිලෙන් ධනය කප්පාදු කරන මධ්‍යම පන්තික පවුල් ඇතුළු ගැටළු කිහිපයකට චීනය දැනට මුහුණ දී සිටිනවා.

පසුගිය සතියේ, මාස ගණනක දරුණු ආර්ථික දත්ත දැකීමෙන් පසු, චීන ජනාධිපති ෂී ජින්පින්, චීන ආර්ථිකය කෙරෙහි විශ්වාසය එක්රැස් කිරීමේ පියවරක් ලෙස උත්තේජක පැකේජයකට අනුමැතිය ලබා දුන්නා.

එහි ප්‍රතිඵලයක් වශයෙන්, රටේ මහ බැංකුව පහත වැටෙන මිල ගණන්වලට එරෙහිව එහි ක්‍රියාමාර්ග එළිදක්වනු ලැබුවා.

වැඩි මුදලක් ණයට දීමට වාණිජ බැංකු නිදහස් කිරීම, කුටුම්භ සහ සමාගම් සඳහා ණය ලබා ගැනීම ලාභදායී කිරීම එයට ඇතුළත්.

ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥයෙකු වන ෂු ටියැන්චෙන් පවසන්නේ, “දුර්ලභ, එකවර ක්‍රියාමාර්ග රැසක් දියත් කිරීම ප්‍රතිපත්ති සම්පාදකයින්ට ආර්ථිකයට මුක්කු ගැසීමට ඇති හදිසි අවශ්‍යතාව අවධාරණය කරන බවයි.

මීට අමතරව, ආර්ථික විද්‍යාඥයින් පවසන්නේ චීනයේ ආර්ථික පසුබෑම ආපසු හැරවීම සඳහා තවත් බොහෝ වැඩ අවශ්‍ය වනු ඇති බවයි “කොටස් වෙලඳපොල උත්තේජනය කිරීම චීනයේ සැබෑ ආර්ථිකයට බොහෝ දේ නොකරයි. අනෙකුත් ප්‍රධාන වෙළෙඳපොළවල් හා සසඳන විට කොටස් වෙළඳපොළේ ආයෝජනය කරන්නේ ඉතා සුළු පිරිසක්” යනුවෙන් රෝඩියම් සමූහයේ චීන වෙළඳපල පර්යේෂණ අධ්‍යක්ෂ ලෝගන් රයිට් පැවසුවා.

අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 18ක් ලෙස ඇස්තමේන්තු කර ඇති නිවාස වෙළෙඳපොළේ පහත වැටීම හේතුවෙන් චීන කුටුම්භයන් ධනයෙන් විශාල අලාභයක් අත්විඳ ඇති බව මේ මස මුලදී පර්යේෂණ සටහනක බ්‍රිතාන්‍ය බහුජාතික බැංකුවක් වන බාර්ක්ලේ හි ආර්ථික විද්‍යාඥයින් උපුටා දක්වමින් CNN වාර්තා කර තිබුණා.

“එය හරියට චීනයේ සෑම තිදෙනෙකුගෙන් යුත් නිවසකටම ඩොලර් 60,000ක් පමණ අහිමි වූවාක් මෙනි, එය චීනයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය මෙන් පස් ගුණයකට ආසන්න මුදලක්”.

චීනයේ දශක ගණනාවක් තිස්සේ ආයෝඡනය මත පදනම් වූ වර්ධනය “අවසානයකට” ළඟා වී ඇති අතර, ආදායම් යළි බෙදාහැරීම වැනි එහි මූල්‍ය පද්ධතියේ මූලික ප්‍රතිසංස්කරණයන් ඇතුළුව – වඩාත් තිරසාර පරිභෝජන මූලික වර්ධන ආකෘතියක් කරා ආර්ථිකය නැවත තුලනය කිරීම අවශ්‍යව ඇතැයි ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?