අපරාධ කල්ලි සඳහා සොරාගත් වාහන සැපයූ ‘මිහිකතවත්ත ඇපලා’ ඇතුළු 04ක් පොලිස් දැලේ

වාහන සොරකම් කර සංවිධානාත්මක අපරාධ කල්ලි සඳහා ලබාදෙන ප්‍රධාන පෙළේ කල්ලියක සාමාජිකයින් සිව්දෙනෙක් කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මඟින් ඊයේ (4) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කළුතර, කටුකුරුන්ද ඇතුළු ප්‍රදේශ ගණනාවකින් වාහන සොරකම් කිරීමේ සිද්ධීන් සම්බන්ධ ලද පැමිණිලි මත සිදුකළ විමර්ශනයක දී මොවුන්ව අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි පොලිසිය පැවසුවේ.

කළුතර, මිහිකතවත්ත ප්‍රදේශයේ නිවසක ත්‍රීරෝද රථයක් සඟවා ඇති බවට විමර්ශන නිකධාරින්ට ලද තොරතුරකට අනුව එම නිලධාරීන් එහි ගොස් ඒ සම්බන්ධයෙන් සොයාබලා තිබෙනවා.

එහිදී අදාළ ත්‍රිරෝද රථය සම්බන්ධයෙන් පරස්පර පිළිතුරු ලබාදුන් එම නිවසේ සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ “මිහිකතවත්ත ඇපලා” නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන අයෙක්.

මොහු හිටපු යුද හමුදා සෙබළෙකුක් වන අතර, ඔහුගෙන් දීර්ඝව සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී සොරකම් කරන ලද තවත් ත්‍රිරෝද රථයක් සහ යතුරුපැදියක් කළුතර, ගුවන්ගම ප්‍රදේශයේ නිවසක සඟවා තිබිය දී සොයාගැනීමට හැකිව තිබෙනවා.

මෙම සංවිධානාත්මක සොරකම් සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් තුන්දෙනෙකු ද සැකකරු ප්‍රකාශ මත අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් කළුතර, ගුවන්ගම සහ කටුකුරුන්ද යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

මෙලෙස සොයාගත් වාහන දිවයිනේ සංවිධානාත්මක අපරාධ කල්ලියකට ලබාදීමට සූදානම් කර තිබූ බවටයි අනවරණය වී ඇත්තේ.

මොවුන් මීට පෙර ද මෙලෙස යතුරුපැදි සහ තිරෝද රථ අපරාධ කල්ලි සඳහා ලබාදී ඇති බවට බවට ද විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අද (15) දින කළුතර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?