අපරාධ කල්ලි සඳහා සොරාගත් වාහන සැපයූ ‘මිහිකතවත්ත ඇපලා’ ඇතුළු 04ක් පොලිස් දැලේ

වාහන සොරකම් කර සංවිධානාත්මක අපරාධ කල්ලි සඳහා ලබාදෙන ප්‍රධාන පෙළේ කල්ලියක සාමාජිකයින් සිව්දෙනෙක් කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මඟින් ඊයේ (4) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කළුතර, කටුකුරුන්ද ඇතුළු ප්‍රදේශ ගණනාවකින් වාහන සොරකම් කිරීමේ සිද්ධීන් සම්බන්ධ ලද පැමිණිලි මත සිදුකළ විමර්ශනයක දී මොවුන්ව අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි පොලිසිය පැවසුවේ.

කළුතර, මිහිකතවත්ත ප්‍රදේශයේ නිවසක ත්‍රීරෝද රථයක් සඟවා ඇති බවට විමර්ශන නිකධාරින්ට ලද තොරතුරකට අනුව එම නිලධාරීන් එහි ගොස් ඒ සම්බන්ධයෙන් සොයාබලා තිබෙනවා.

එහිදී අදාළ ත්‍රිරෝද රථය සම්බන්ධයෙන් පරස්පර පිළිතුරු ලබාදුන් එම නිවසේ සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ “මිහිකතවත්ත ඇපලා” නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන අයෙක්.

මොහු හිටපු යුද හමුදා සෙබළෙකුක් වන අතර, ඔහුගෙන් දීර්ඝව සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී සොරකම් කරන ලද තවත් ත්‍රිරෝද රථයක් සහ යතුරුපැදියක් කළුතර, ගුවන්ගම ප්‍රදේශයේ නිවසක සඟවා තිබිය දී සොයාගැනීමට හැකිව තිබෙනවා.

මෙම සංවිධානාත්මක සොරකම් සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් තුන්දෙනෙකු ද සැකකරු ප්‍රකාශ මත අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් කළුතර, ගුවන්ගම සහ කටුකුරුන්ද යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

මෙලෙස සොයාගත් වාහන දිවයිනේ සංවිධානාත්මක අපරාධ කල්ලියකට ලබාදීමට සූදානම් කර තිබූ බවටයි අනවරණය වී ඇත්තේ.

මොවුන් මීට පෙර ද මෙලෙස යතුරුපැදි සහ තිරෝද රථ අපරාධ කල්ලි සඳහා ලබාදී ඇති බවට බවට ද විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අද (15) දින කළුතර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14