AFC Banner
Empty Ad
Empty Ad

යාගි සුළි කුණාටුවෙන් වියට්නාමයේ මියගිය ගණන 179 ක් දක්වා ඉහළට

වියට්නාමයට බලපෑ යාගි සුළි කුණාටුව හේතුවෙන් එරට ජනයා දැඩි ලෙස පීඩා විඳින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

වියට්නාමයේ හැනෝයි අගනුවර රතු ගංගාව දශක දෙකක කාලයකින් පසු ඉහළ ජල මට්ටමකට පැමිණෙමින් පවතින අතර එම හේතුවෙන් ගංවතුර තත්ත්වයක් ද නිර්මාණය වී තිබෙනවා.

මේ වන විට පුද්ගලයින් 179 දෙනෙකු මරණයට පත් වී ඇති අතර අතුරුදන් වූවන් සොයා එරට හමුදාව මෙහෙයුම් දියත් කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය සෙනසුරාදා ඇති වූ මෙම සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් එරට මිලියන 1.5 ක ජනතාවකට විදුලිය විසන්ධි වී ඇති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
5
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?