නාලන්දාව කේන්ද්‍ර කරගනිමින් ජාත්‍යන්තර බෞද්ධ සම්මන්ත්‍රණයක්

ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනය, නව නාලන්ද මහාවිහාරය සමඟ එක්ව බිහාර් හි නාලන්දා විහාරයේ දී සංවිධාන කළ ගුරු පද්මසම්භව : ‘ජීවිතය සහ ජීවන උරුමය’ පිළිබඳ දෙදින ජාත්‍යන්තර සම්මන්ත්‍රණය ඊයේ (28) ආරම්භ වුණා.

පුරාණ ඉන්දියාවේ අටවන සියවසේ වැඩ විසූ ගුරු රින්පොචේ ගුරු පද්මසම්භව ලෙස ද හඳුන්වනු ලබනවා.

වර්තමානයේ බුද්ධ ධර්මයේ වඩාත් ගෞරවාදරයට පාත්‍ර වූ චරිතයක් වන උන්වහන්සේ හිමාල තීරය පුරා බුද්ධ ධර්මය ප්‍රචාරය කිරීමේ ගෞරවයට පාත්‍ර වනවා.

බිහාර් ප්‍රාන්ත ආණ්ඩුකාර රාජේන්ද්‍ර විශ්වනාත් අර්ලෙකාර් සම්මන්ත්‍රණයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වුණා.

සම්මන්ත්‍රණයේ ප්‍රධාන තේමාවන් අතර උන්වහන්සේගේ ජීවිතය සහ ඉගැන්වීම්, හිමාලය හරහා උන්වහන්සේගේ සංචාර සහ, වඩාත්ම වැදගත් ලෙස, වර්තමාන කාලයට උන්වහන්සේගේ අදාළත්වය ඇතුළත්.

යෝග සහ තාන්ත්‍රික පිළිවෙත්වල සිට භාවනාව, චිත්‍ර, සංගීතය, නැටුම්, මැජික්, ජනප්‍රවාද සහ ආගමික ඉගැන්වීම් දක්වා වූ බොහෝ සංස්කෘතීන්ගේ ඒකාබද්ධ කිරීමක් ද ගුරු පදමසම්භව නියෝජනය කරනවා.

බුද්ධ ධර්මයේ හරය ප්‍රචලිත කිරීමට වෙර දරන අතරම, ගුරු පදමසම්භවයන් වහන්සේ යම් ස්ථානයක විශේෂත්වය සහ මිනිසුන්ගේ සංවේදීතාවන් අවබෝධ කර ගැනීම විශේෂත්වයක්.

මේ අනුව, උන්වහන්සේ තම ඉගැන්වීම් දේශීය ව්‍යවහාරය සහ සංස්කෘතිය තුළ හැඩගස්වා, ඇදහිල්ල උකහා ගැනීම වඩාත් පහසු කළා.

උන්වහන්සේගේ ජීවිතය හා කාලය නැවත ආවර්ජනය කිරීමේදී, විවිධ සංස්කෘතීන් සහ ආගමික සම්ප්‍රදායන් හැසිරවීම, ප්‍රාදේශීය සංකේත සහ චාරිත්‍ර වාරිත්‍ර පවා යොදා ගනිමින් බුදුරජාණන් වහන්සේගේ උතුම් පණිවිඩය සම්ප්‍රේෂණය කිරීමේ උන්වහන්සේගේ ප්‍රවේශය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට සමුළුව හරහා බලාපොරොත්තු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?