නාලන්දාව කේන්ද්‍ර කරගනිමින් ජාත්‍යන්තර බෞද්ධ සම්මන්ත්‍රණයක්

ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනය, නව නාලන්ද මහාවිහාරය සමඟ එක්ව බිහාර් හි නාලන්දා විහාරයේ දී සංවිධාන කළ ගුරු පද්මසම්භව : ‘ජීවිතය සහ ජීවන උරුමය’ පිළිබඳ දෙදින ජාත්‍යන්තර සම්මන්ත්‍රණය ඊයේ (28) ආරම්භ වුණා.

පුරාණ ඉන්දියාවේ අටවන සියවසේ වැඩ විසූ ගුරු රින්පොචේ ගුරු පද්මසම්භව ලෙස ද හඳුන්වනු ලබනවා.

වර්තමානයේ බුද්ධ ධර්මයේ වඩාත් ගෞරවාදරයට පාත්‍ර වූ චරිතයක් වන උන්වහන්සේ හිමාල තීරය පුරා බුද්ධ ධර්මය ප්‍රචාරය කිරීමේ ගෞරවයට පාත්‍ර වනවා.

බිහාර් ප්‍රාන්ත ආණ්ඩුකාර රාජේන්ද්‍ර විශ්වනාත් අර්ලෙකාර් සම්මන්ත්‍රණයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වුණා.

සම්මන්ත්‍රණයේ ප්‍රධාන තේමාවන් අතර උන්වහන්සේගේ ජීවිතය සහ ඉගැන්වීම්, හිමාලය හරහා උන්වහන්සේගේ සංචාර සහ, වඩාත්ම වැදගත් ලෙස, වර්තමාන කාලයට උන්වහන්සේගේ අදාළත්වය ඇතුළත්.

යෝග සහ තාන්ත්‍රික පිළිවෙත්වල සිට භාවනාව, චිත්‍ර, සංගීතය, නැටුම්, මැජික්, ජනප්‍රවාද සහ ආගමික ඉගැන්වීම් දක්වා වූ බොහෝ සංස්කෘතීන්ගේ ඒකාබද්ධ කිරීමක් ද ගුරු පදමසම්භව නියෝජනය කරනවා.

බුද්ධ ධර්මයේ හරය ප්‍රචලිත කිරීමට වෙර දරන අතරම, ගුරු පදමසම්භවයන් වහන්සේ යම් ස්ථානයක විශේෂත්වය සහ මිනිසුන්ගේ සංවේදීතාවන් අවබෝධ කර ගැනීම විශේෂත්වයක්.

මේ අනුව, උන්වහන්සේ තම ඉගැන්වීම් දේශීය ව්‍යවහාරය සහ සංස්කෘතිය තුළ හැඩගස්වා, ඇදහිල්ල උකහා ගැනීම වඩාත් පහසු කළා.

උන්වහන්සේගේ ජීවිතය හා කාලය නැවත ආවර්ජනය කිරීමේදී, විවිධ සංස්කෘතීන් සහ ආගමික සම්ප්‍රදායන් හැසිරවීම, ප්‍රාදේශීය සංකේත සහ චාරිත්‍ර වාරිත්‍ර පවා යොදා ගනිමින් බුදුරජාණන් වහන්සේගේ උතුම් පණිවිඩය සම්ප්‍රේෂණය කිරීමේ උන්වහන්සේගේ ප්‍රවේශය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට සමුළුව හරහා බලාපොරොත්තු වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39