AFC Banner
Empty Ad
Empty Ad

බිරිඳට හා පුත්‍රයාට පිහියකින් ඇන; පියා සියදිවි නසා ගනියි

නිවිතිගල දෑල ප්‍රදේශයේ නිවසක අඹුසැමි යුවළක් අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග ගොස් ස්වාමියා විසින් බිරිඳට සහ පුත්‍රයාට තියුණු ආයුධයකින් පහර දී; පසුව ඔහු සියදිවි නසා ගෙන තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; නිවස තුළ ම ස්වාමියා ගෙල වැළලාගෙන මියගොස් ඇති බවත්; බිරිඳ ජීවිතක්ෂයට පත් ව ඇති බවයි.

දරුණු කැපුම් තුවාල ලැබූ පුත්‍රයා බරපතළ තත්ත්වයේ පසුවන බවත් රෝහල් ආරංචි මාර්ග පවසනවා.

මියගොස් ඇත්තේ 48 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු සහ ඔහුගේ බිරිඳ වන 39 හැවිරිදි කාන්තාවක්.

පුත්‍රයාට වයස අවුරුදු 18ක් බවයි වාර්තා වන්නේ.

වයස 48ක්වු සැමියා විසින් වයස තිස් නමයක් වූ

බරපතළ කැපුම් තුවාල සහ අධික ලෙස රුධිර වහනය හේතුවෙන් පුත්‍රයා මේ වනවිට (22) රත්නපුර මහ රෝහලට ඇතුළත් කර ඇති අතර හෙතෙම දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

ඔවුන්ට තවත් දරුවන් තිදෙනකු ඇති අතර ඔවුන් මේ වනවිට පවුලේ ඥාතීන් භාරයේ පසුවනවා.

නිවිතිගල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
11
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?