හිතා මතා ජීවිතයක් බිළිගත් බලංගොඩ රියදුරා සැඟව සිටිය දී අත්අඩංගුවට

බලංගොඩ ප්‍රදේශයේ දී පුද්ගලයෙක් හිතා මතා අනතුරට ලක්කර පළාගිය ලොරි රථ රියදුරා පොලිසිය විසින් සැඟව සිටිය දී ඊයේ (02) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය පළමු වනදා බලංගොඩ නගරයේ දී යතුරුපැදියක් අනතුරට ලක්කර හත් හැවිරිදි දැරියකට තුවාල සිදුකර පළා යමින් සිටිය දී දැරියගේ 32 හැවිරිදි පියා ද විදුලි කණුවක හප්පා මෙම ලොරි රථ රියදුරු පළාගොස් තිබුණා.

එහිදී අනතුරට ලක් වූ 32 හැවිරිදි පියා අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වුණා.

ලොරි රථ රියදුරා විසින් දැරියව අනතුරට ලක්කර පළා යමින් සිටිය දී දැරියගේ පියා යතුරුපැදියකින් ලුහුබැඳ ගොස් ලොරි රථයේ රියදුරු අසුන අසළ ඇති දොරට නැඟ එහි රියදුරුව බස්සවා ගැනීමට උත්සාහ කර තිබෙනවා.

එම අවස්ථාවේ දී ලොරි රථයේ රියදුරු විසින් පියාව අසල තිබූ විදුලි කණුවක ගැටීමට සලස්වා පළාගොස් ඇති බවයි වාර්තා වුණේ.

අනතුරුව අසල තිබූ ආරක්ෂිත කැමරා දර්ශන පරීක්ෂා කළ පොලිසිය විසින් අදාළ ලොරි රථය සහ එහි රියදුරු හඳුනාගෙන ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු අද (03) බලංගොඩ වැඩ බලන මහේස්ත්‍රාත්වරයා හමුව ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
11
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12