තිස්සමහාරාම, කාවන්තිස්සපුර ප්‍රදේශයේ අත්හැර දමා තිබූ ගල් වළක දිය නෑමට ගොස් දියේ ගිලී අතුරුදන් වූ ළමුන් දෙදෙනාගේ සිරුරු සොයාගෙන තිබෙනවා.
එම සිරුරු මේ වනවිට දෙබරවැව මූලික රෝහලට රැගෙන විත් ඇති බවයි තිස්සමහාරාම පොලිසිය සඳහන් කළේ.
ඊයේ (21) පස්වරු 6.00ට පමණ මෙම වයස අවුරුදු 14 සහ නවයේ පසුවන මෙම දරුවන් දෙදෙනා සිය මව සමඟ අත්හැර දමා තිබූ ගල් වළක දිය නෑමට ගොස් තිබුණා.
එහිදී 33 හැවිරිදි මව දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබූ අතර ඇයගේ සිරුර ඊයේ (21) රාත්‍රියේම සොයාගැනීමට හැකියාව ලැබුණා.
දියේ ගිලී අතුරුදන් වූ ළමුන් දෙදෙනාගේ සිරුරු සොයා අද (22) උදෑසන මෙහෙයුම් ආරම්භ කළ අතර, එම මෙහෙයුම්වල දීයි එම සිරුරු සොයාගෙන ඇත්තේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
3
+1
3
+1