වන්දනාකරුවන් රැගත් වෑන් රථයක් පිළිමතලාවේ දී අනතුරක (ඡායාරූප)

වන්දනාකරුවන් පිරිසක් රැගත් වෑන් රථයක් පිළිමතලාව නගරයට ආසන්නයේ දී අධිබලැති විදුලි කණුවක අද (21) අලුයම අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් පුද්ගලයින් 07 දෙනෙකු තුවාල ලබා පේරාදෙණිය සහ මහනුවර රෝහල්වලට ඇතුළත්කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

වන්දනා ගමන අවසන් කර නුවර දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ වෑන් රථය මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ අලුයම දෙකට පමණයි.

අනතුරට පත් වූ පිරිස ඇරව්වල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන කඩුගන්නව පොලිසි සඳහන් කළේ.

WhatsApp Image 2024 07 21 at 9.24.40 AM 1
WhatsApp Image 2024 07 21 at 9.24.40 AM
WhatsApp Image 2024 07 21 at 9.24.39 AM 1
WhatsApp Image 2024 07 21 at 9.24.39 AM