වසරින් වසර ඉහළ යන කෙන්යාවේ ණය බර

ණය අර්බුදයත් සමග බදු වැඩි කිරීම හේතුවෙන් රට පුරා මතුව තිබෙන මහජන නොසන්සුන්තාවන් මැද කෙන්යාව නිමා වූ මූල්‍ය වර්ෂය සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියනයක චීන ණය ආපසු ගෙවා ඇතැයි වාර්තා වනවා.

දුම්රිය සේවය නවීකරණය ඇතුළු යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති සඳහා මෙම ණය ලබාගෙන ඇතැයි කෙන්යාවේ දිනපතා පුවත්පතක් වන බිස්නස් ඩේලි ⁣වාර්තා කළා.

ඉන් මිලියන 703ක් ප්‍රාග්ධන ආපසු ගෙවීම් වන අතර ඉතිරි කොටස ණය පොලී ගෙවීම් වනවා.

ණය සේවාකරණය පසුගිය වසරට සාපේක්ෂව සියයට 42.14කින් ඉහළ ගොස් ඇතැයි පුවත්පත් වාර්තාවේ සඳහන්.

කෙන්යානු මුදල් ඒකකය අවප්‍රමාණය වීම සහ වෙනස්වන පොලී අනුපාත මත පොලිය සංශෝධනය කිරීම ණය සේවාකරණය ඉහළ යෑම කෙරෙහි බල පෑ බව භාණ්ඩාගාර ප්‍රකාශකයෙක් බිස්නස් ඩේලි පුවත්පත සමග පවසා තිබුණා.

මේ වසරේ මැයි මාසය වන විට කෙන්යාව , චීනයට ආපසු ගෙවිය යුතු ණය ප්‍රමාණය ඩොලර් බිලියන 5.4ක්.

ඉහළ ණය සේවාකරණ පිරිවැය හෙතුවෙන් අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා සහ නිවාස සංවර්ධන ව්‍යාපෘති සඳහා ප්‍රමාණවත් ලෙස අරමුදල් සැපයීම සඳහා ජනාධිපති විලියම් රූටෝගේ පරිපාලනයේ මූල්‍ය අවකාශය සීමා වී ඇතැයි එක්සත් ජනපදය විසින් අනතුරු අඟවා ඇති පසුබිමක චීනය වෙත ණය ගෙවීම් වැඩි වී ඇති බව Business Daily හි වාර්තාවේ සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14