සරසවි විධායක ශ්‍රේණි අනධ්‍යයන සේවකයෝ වර්ජනය අත්හරිති

විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යය මණ්ඩලය අද (12) පෙරවරුවේ සිට ක්‍රියාත්මක වන පරිදි සිය වැඩ වර්ජනය අත්හිටුවා තිබෙනවා.

මාස දෙකකට ආසන්න කාලයක් විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු අඩාල කරමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක වූ අතර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා සමග පැවති විශේෂ සාකච්ඡාවෙන් අනතුරුව විධායක ශ්‍රේණියේ අනධ්‍යයන කාර්‍යය මණ්ඩලය නිවේදනය කර ඇත්තේ ඔවුන් වැඩ වර්ජනය නතර කර දමන බවයි.

මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක වූයේ වැටුප් විෂමතා ගැටලු කිහිපයක් මුල් කරගනිමින්.

මැයි මාසයේ මුල සතියේ සිට මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක වූ අතර මේ හේතුවෙන් දිවයිනේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ ඉගැන්වීම් ක්‍රියාවලිය මෙන් ම ඉගැනුම් ක්‍රියාවලිය ද බිඳ වැටුණා.

මෙවන් තත්ත්වයක් මතයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් විසින් මැයි 08 වැනි දා විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලවල වැටුප් විෂමතාව ඉවත් කිරීම සඳහා වන අමාත්‍ය මණ්ඩල සංදේශයක් කැබිනට් අනුකමිටුවට ඉදිරිපත් කළේ.

විශ්වවිද්‍යාල අනධ්‍යයන හා අධ්‍යයන කාර්ය මණ්ඩලවලට 2016 වසරේ දී වැටුප් වැඩිවීමක් දුන් බවත් එතැන දී අනධ්‍යයන කාර්ය මණ්ඩලය සඳහා සියයට 92කින් වැටුප් ඉහළ නැංවූ අතර අධ්‍යයන කාර්ය මණ්ඩලයට සියයට 107කින් වැටුප් වැඩි කිරීමක් සිදු වූ බවත් අධ්‍යාපන අමාත්‍යවරයා එදින පාර්ලිමේන්තුවේ දී කියා සිටියා.

මෙවන් තත්ත්වයක් මතයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා සමග ඊයේ (11) පැවති සාකච්ඡාවකින් අන් අනතුරුව විධායක ශ්‍රේණියේ අනධ්‍යයන කාර්‍යය මණ්ඩලය සිය වර්ජනය අතහැර දැමීමට තීරණය කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03