AFC Banner
Empty Ad
Empty Ad

කිසිදු පිළිසරණක් නොමැති ව සිටි චීන ජාතිකයාට උපකාර

කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයේ ඉතා අසරණ ව රැඳී සිටි චීන ජාතිකයෙකුට ශ්‍රී ලංකා ගුවන් තොටුපොළ සංචාරක පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් උපකාර සිදු කරනු ලැබුවා.

65 හැවිරිදි මෙම චීන ජාතිකයා ජුනි මස 28 වැනි දින මෙරටට පැමිණ ඇත්තේ සංචාරයක් සඳහා යි.

පසුව ඔහුට නැවත සිය රටට යාමට ගුවන් ටිකට් පතක් හෝ ආහාර පාන හෝ නොමැතිව කටුනායක ගුවන් තොටුපොළේ රැඳී සිට තිබෙනවා.

ඉන් අනතුරුව ගුවන්තොටුපොළ සංචාරක පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වසන්ත කුමාර මහතාගේ උපදෙස් මත සංචාරක ඒකකයේ නිලධාරින් විසින් ඔවුනට හැකි අයුරින් ආහාර පාන ලබා දෙමින් සිට අවසානයේ සහකාර පොලිස් අධිකාරි ප්‍රභාත් විදානගම මහතාගේ පුද්ගලික මැදිහත් වීම මත චීන තානාපති කාර්යාලය හරහා ඔහුට ටිකට් පතක් ගෙන්වා දී ඇති බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු පැවසුවේ.

ඉන් අනතුරුව මෙම චීන ජාතිකයා පෙරේදා (08) රාත්‍රියේ UL – 884 දරණ ගුවන් යානයෙන් සිය මව්බිම බලා පිටව ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
17
+1
3
+1
8
+1
1
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?