කිසිදු පිළිසරණක් නොමැති ව සිටි චීන ජාතිකයාට උපකාර

කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයේ ඉතා අසරණ ව රැඳී සිටි චීන ජාතිකයෙකුට ශ්‍රී ලංකා ගුවන් තොටුපොළ සංචාරක පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් උපකාර සිදු කරනු ලැබුවා.

65 හැවිරිදි මෙම චීන ජාතිකයා ජුනි මස 28 වැනි දින මෙරටට පැමිණ ඇත්තේ සංචාරයක් සඳහා යි.

පසුව ඔහුට නැවත සිය රටට යාමට ගුවන් ටිකට් පතක් හෝ ආහාර පාන හෝ නොමැතිව කටුනායක ගුවන් තොටුපොළේ රැඳී සිට තිබෙනවා.

ඉන් අනතුරුව ගුවන්තොටුපොළ සංචාරක පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වසන්ත කුමාර මහතාගේ උපදෙස් මත සංචාරක ඒකකයේ නිලධාරින් විසින් ඔවුනට හැකි අයුරින් ආහාර පාන ලබා දෙමින් සිට අවසානයේ සහකාර පොලිස් අධිකාරි ප්‍රභාත් විදානගම මහතාගේ පුද්ගලික මැදිහත් වීම මත චීන තානාපති කාර්යාලය හරහා ඔහුට ටිකට් පතක් ගෙන්වා දී ඇති බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු පැවසුවේ.

ඉන් අනතුරුව මෙම චීන ජාතිකයා පෙරේදා (08) රාත්‍රියේ UL – 884 දරණ ගුවන් යානයෙන් සිය මව්බිම බලා පිටව ගොස් තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32