උ.පෙළ සිසුවියකට අතවර කළ කොරියන් ගුරා අත්අඩංගුවට (වීඩියෝ)

බස් රථයක් තුළ දී සිසුවියකට අතවර කළ බව කියන පුද්ගලයෙක් මාතර කොට්ඨාස ළමා හා කාන්තා අපයෝජන නිවාරණ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ජනප්‍රිය කොරියන් භාෂා ගුරුවරයෙකු බවයි තොරතුරු වාර්තා වුණේ.

ගාල්ල සිට මාතරට ධාවනය වෙමින් තිබූ බස් රථයක් තුළ දී සැකකරු උසස් පෙළ සිසුවියක්ව මෙලෙස අතවරයට ලක්කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පුද්ගලයා බස් රථය තුළ අසුන්ගෙන සිටි සිසුවියගේ පපු ප්‍රදේශය සහ කළවා ප්‍රදේශ ස්පර්ශ කරමින් මෙලෙස අතවරයට ලක්කර තිබෙනවා.

එම අවස්ථාවේ දී සිසුවිය විසින් ඔහුට පහර දී ඇති අතර, එම අවස්ථාවේ දී බස් රථය තුළ සිටි මගීන් විසින් සැකකාර කොරියන් භාෂා ගුරුවරයාගේ හැඳුනුම්පත ලබාගෙන සිසුවිය සමඟ පොලිසිය ඉදිරිපත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

පසුව සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකරන අවස්ථාවේ ඔහු පළාගොස් සැඟව සිට ඇති අතර, කෙසේ වෙතත් ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකියාව ලැබී තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු 37 හැවිරිදි වියේ පසුවන දෙදරු පියෙක් බවයි වාර්තා වුණේ.

සැකකරු අද මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
4
+1
9
+1
2
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?