උ.පෙළ සිසුවියකට අතවර කළ කොරියන් ගුරා අත්අඩංගුවට (වීඩියෝ)

බස් රථයක් තුළ දී සිසුවියකට අතවර කළ බව කියන පුද්ගලයෙක් මාතර කොට්ඨාස ළමා හා කාන්තා අපයෝජන නිවාරණ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ජනප්‍රිය කොරියන් භාෂා ගුරුවරයෙකු බවයි තොරතුරු වාර්තා වුණේ.

ගාල්ල සිට මාතරට ධාවනය වෙමින් තිබූ බස් රථයක් තුළ දී සැකකරු උසස් පෙළ සිසුවියක්ව මෙලෙස අතවරයට ලක්කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පුද්ගලයා බස් රථය තුළ අසුන්ගෙන සිටි සිසුවියගේ පපු ප්‍රදේශය සහ කළවා ප්‍රදේශ ස්පර්ශ කරමින් මෙලෙස අතවරයට ලක්කර තිබෙනවා.

එම අවස්ථාවේ දී සිසුවිය විසින් ඔහුට පහර දී ඇති අතර, එම අවස්ථාවේ දී බස් රථය තුළ සිටි මගීන් විසින් සැකකාර කොරියන් භාෂා ගුරුවරයාගේ හැඳුනුම්පත ලබාගෙන සිසුවිය සමඟ පොලිසිය ඉදිරිපත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

පසුව සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකරන අවස්ථාවේ ඔහු පළාගොස් සැඟව සිට ඇති අතර, කෙසේ වෙතත් ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකියාව ලැබී තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු 37 හැවිරිදි වියේ පසුවන දෙදරු පියෙක් බවයි වාර්තා වුණේ.

සැකකරු අද මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
4
+1
9
+1
2
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්මෝ එකපාරටම රෝදේ ගැලවිලා ගිහින් අන්තිමට වුණ දේ..
00:49
Video thumbnail
කුමාර ජයකොඩි වරදක් කළේ නෑ - විපක්ෂයේ මරළතෝනි නිසයි අපිම අයින් කළේ
06:58
Video thumbnail
ආණ්ඩුව දැන් IMF සිප වැළඳගෙන හමාරයි - IMF එකේ සුරතලා වෙලා
07:42
Video thumbnail
අහිංසක රොටි කඩේටත් බදු ගහලා - දිලිත් සැරවෙයි
03:52
Video thumbnail
යතුරුපැදියක් ගසක ගැටී ගුරුවරයෙකු අවසන් ගමන් යයි
01:03
Video thumbnail
දිට්වා ප්‍රතිලාභ නොලැබුණා කියලා පිරිසක් රාජාංගනය ප්‍රා.ලේකම් කාර්යාලය වටලයි
16:10
Video thumbnail
ආදරණීයයන්ගේ සෝ සුසුම් රැගෙන මැද කැන්ඩි ළමිස්සි අවසන් ගමන ගිය හැටි
02:53
Video thumbnail
කැන්ඩි ළමිස්සිට ගීයකින් උපහාර කළ මිතුරන්
09:16
Video thumbnail
පුංචි දරුවොත් බෝඩ් උස්සගෙන පාරට බැහැලා විරෝධතාවයක
09:59
Video thumbnail
නාමල් පාතාලයට සම්බන්ධයි කියලා මාලිමාවෙන් බොරු ප්‍රචාරයක් කරනවා
09:06