AFC Banner
Empty Ad
Empty Ad

අනාරාධිතව මංගල උත්සවයට ඇවිත් කාන්තාවකගේ අත්බෑගයට විදලා

බදුල්ල නගරයේ හෝටලයක පැවති විවාහ මංගල උත්සවයකට සහභාගී වී, එහි සිටි කාන්තාවකගේ මුදල් සහිත අත්බෑගයක් සොරාගෙන පළාගිය දෙදෙනෙක් පසුගිය දා (10) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බවට හඳුනාගෙන ඇති අතර, ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 246ක් ද සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් 23 සහ 33 යන වයස්වල පසුවන මයිලගස්තැන්න සහ අමුණුවැල්පිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වුණේ.

මොවුන් දෙදෙනා බදුල්ල නගරයේ හෝටලයක පැවති විවාහ මංගල උත්සවයකට ආරාධනාවක් නොමැතිව මනාළ යුවළගේ හිතවතුන් බව අඟවමින් සහභාගී වී තිබෙනවා.

එහිදී ඔවුන් මධුවිත ආදියෙන් ද සප්පායම් වී දහවල් ආහාරය ද ලබාගෙන මංගල උත්සවයකට සහභාගී වී සිටි කාන්තාවකගේ අත්බෑගයක් සොරාගෙන පළාගොස් ඇති බවයි වාර්තා වුණේ.

රුපියල් 15,000ක මුදලක් සහ වෙනත් ලියකියවිලි සමඟ තම අත්බෑගය නැති වූ බවට එම කාන්තාව විසින් පොලිසියට සිදුකළ පැමිණිල්ලක් මත බදුල්ල පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඒ, අනුව මංගල උත්සවය විඩියෝ ගතකළ විඩියෝ පට නැරඹීමෙන් පසු සැකකරුවන් හඳුනාගැනීමෙන් පසුවයි බදුල්ල නගරයේ දී මොවුන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී රුපියල් 13,000ක මුදලක් ද සොයාගෙන ඇති අතර, එම මුදල් සොරාගත් අත්බෑගයේ තිබූ මුදල්වලින් කොටසක් බවට ඔවුන් පිළිගත් බවයි පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
2
+1
5
+1
2
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිතට නරක සිතුවිල්ලක් ආපුවාම - ඒක එවලේම අමතක කරලා දාන්න
09:33
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37
Video thumbnail
සජිත් - නාමල් හොරෙන් ගහපු සන්ධානය ගැන විශේෂ හෙළිදරව්වක්
05:14
Video thumbnail
AKD නුගේගොඩ දෙවනක් කළ අවසන් සුපිරි කතාව#anurakumaradissanayake #npp
05:48

?