අනාරාධිතව මංගල උත්සවයට ඇවිත් කාන්තාවකගේ අත්බෑගයට විදලා

බදුල්ල නගරයේ හෝටලයක පැවති විවාහ මංගල උත්සවයකට සහභාගී වී, එහි සිටි කාන්තාවකගේ මුදල් සහිත අත්බෑගයක් සොරාගෙන පළාගිය දෙදෙනෙක් පසුගිය දා (10) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බවට හඳුනාගෙන ඇති අතර, ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 246ක් ද සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් 23 සහ 33 යන වයස්වල පසුවන මයිලගස්තැන්න සහ අමුණුවැල්පිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වුණේ.

මොවුන් දෙදෙනා බදුල්ල නගරයේ හෝටලයක පැවති විවාහ මංගල උත්සවයකට ආරාධනාවක් නොමැතිව මනාළ යුවළගේ හිතවතුන් බව අඟවමින් සහභාගී වී තිබෙනවා.

එහිදී ඔවුන් මධුවිත ආදියෙන් ද සප්පායම් වී දහවල් ආහාරය ද ලබාගෙන මංගල උත්සවයකට සහභාගී වී සිටි කාන්තාවකගේ අත්බෑගයක් සොරාගෙන පළාගොස් ඇති බවයි වාර්තා වුණේ.

රුපියල් 15,000ක මුදලක් සහ වෙනත් ලියකියවිලි සමඟ තම අත්බෑගය නැති වූ බවට එම කාන්තාව විසින් පොලිසියට සිදුකළ පැමිණිල්ලක් මත බදුල්ල පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඒ, අනුව මංගල උත්සවය විඩියෝ ගතකළ විඩියෝ පට නැරඹීමෙන් පසු සැකකරුවන් හඳුනාගැනීමෙන් පසුවයි බදුල්ල නගරයේ දී මොවුන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී රුපියල් 13,000ක මුදලක් ද සොයාගෙන ඇති අතර, එම මුදල් සොරාගත් අත්බෑගයේ තිබූ මුදල්වලින් කොටසක් බවට ඔවුන් පිළිගත් බවයි පොලිසිය පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14