උණ ගස් කපන්න ගිය සිසුන් දෙදෙනෙක්ට විදුලි සැර වදියි

දෙනියාය ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ නිවාස ඉදිකිරිම සඳහා උණ ගස් කැපිමට ගිය විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකුට විදුලිසැර වැදිම හේතුවෙන් රෝහල් ගතකර තිබෙනවා.

විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල අද (28) දින පැවැත්විමට නියමිතව තිබු අතර එහි නිවාස ඉදිකිරිම අවශ්‍ය උණ ගස් කැපිම සඳහා විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු විසින් ඊයේ (27 ) දින රාත්‍රියේ විද්‍යාල භුමියේ පිහිටි උණ පඳුරකින් උණ ගසක් කැපීමට කටයුතු කර තිබුණා.

එලෙස කැපූ උණ ගසක් අසල ස්ථාපිත කර ඇති විදුලි ට්‍රාන්ස්ෆෝමර්යට සවිකළ අධිබලැති විදුලි රැහැන් පද්ධතියක ගැටී තිබෙනවා.

එම අවස්ථාවේදී සිසුන් දෙදෙනාට විදුලි සැර වැදී ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.

එහිදි අදාළ සිසුන් දෙදෙනා කඩිනමින් දෙනියාය මුලික රෝහලට ඇතුලත් කිරිමට පියවර ගෙන ඇති අතර අනතුරුව එක් සිසුවෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මහා රෝහල වෙත මාරු කර යැවිමට පියවර ගනු ලැබුවා.

එම අනතුරින් රෝහල් ගතකර ඇත්තේ දෙනියාය ප්‍රදේශයේ පදිංචි සිසුන් දෙදෙනෙකු වන අතර ඔවුන්ගේ තත්වය බරපතල නොවන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ පිළිබඳව දෙනියාය කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයේ උසස් නිලධාරියකු කියා සිටියේ මෙම සිද්ධිය පිළිබඳ තොරතුරු අනාවරණය කළ නොහැකි බවත් මේ පිළිබඳව තමා දැනුවත් වූයේ ද සමාජ මාධ්‍ය ජාලය මගින් බවයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දෙණියාය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14