spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

උණ ගස් කපන්න ගිය සිසුන් දෙදෙනෙක්ට විදුලි සැර වදියි

දෙනියාය ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ නිවාස ඉදිකිරිම සඳහා උණ ගස් කැපිමට ගිය විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකුට විදුලිසැර වැදිම හේතුවෙන් රෝහල් ගතකර තිබෙනවා.

විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල අද (28) දින පැවැත්විමට නියමිතව තිබු අතර එහි නිවාස ඉදිකිරිම අවශ්‍ය උණ ගස් කැපිම සඳහා විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු විසින් ඊයේ (27 ) දින රාත්‍රියේ විද්‍යාල භුමියේ පිහිටි උණ පඳුරකින් උණ ගසක් කැපීමට කටයුතු කර තිබුණා.

එලෙස කැපූ උණ ගසක් අසල ස්ථාපිත කර ඇති විදුලි ට්‍රාන්ස්ෆෝමර්යට සවිකළ අධිබලැති විදුලි රැහැන් පද්ධතියක ගැටී තිබෙනවා.

එම අවස්ථාවේදී සිසුන් දෙදෙනාට විදුලි සැර වැදී ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.

එහිදි අදාළ සිසුන් දෙදෙනා කඩිනමින් දෙනියාය මුලික රෝහලට ඇතුලත් කිරිමට පියවර ගෙන ඇති අතර අනතුරුව එක් සිසුවෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මහා රෝහල වෙත මාරු කර යැවිමට පියවර ගනු ලැබුවා.

එම අනතුරින් රෝහල් ගතකර ඇත්තේ දෙනියාය ප්‍රදේශයේ පදිංචි සිසුන් දෙදෙනෙකු වන අතර ඔවුන්ගේ තත්වය බරපතල නොවන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ පිළිබඳව දෙනියාය කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයේ උසස් නිලධාරියකු කියා සිටියේ මෙම සිද්ධිය පිළිබඳ තොරතුරු අනාවරණය කළ නොහැකි බවත් මේ පිළිබඳව තමා දැනුවත් වූයේ ද සමාජ මාධ්‍ය ජාලය මගින් බවයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දෙණියාය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?