සංචාරකයන්ට දෙන එළවළු මිලත් අහස උසට නගී (වීඩියෝ)

සංචාරක හෝටල්වලට අලෙවි කිරීම සඳහා විශේෂයෙන්ම වගා කෙරෙන එළවළු වර්ගවල මිල ගණන් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පවසනවා.

එසේම, අනෙකුත් එළවළු වර්ගවල මිල ගණන්ද පවතින්නේ පාරිභෝගිකයින්ට දරාගත නොහැකි ඉහළ අගයකයි.

කෙසේ වෙතත්, එළවළු මිල ඉහළ යෑම තාවකාලික බවත්, ඉදිරියේදී එළවළු මිල ගණන් යළිත් වරක් පහත වැටෙනු ඇති බවත්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා.

සෑම වසරකම දෙසැම්බර් සහ ජනවාරි මාසවල එළවළු වර්ගවල මිල ගණන් ඉහළ යෑම සාමාන්‍ය ලෙස සිදුවූවත්, මෙවර පැවති අයහපත් කාලගුණික තත්ත්වයත් සමග අස්වැන්නට හානි සිදුවුණා.

ඒ සමගම එළවළු ඉල්ලුමට සාපේක්ෂව සැපයුම සීමාසහිත වීම හේතුවෙන් මේ වනවිට එළවළු මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.

සාමාන්‍ය දිනවලට රුපියල් 500ත්, 1000 ත් අතර මිළකට පැවති සංචාරක හෝටල් සඳහා ලබාදෙන විශේෂ එළවළුවල මිල අද දිනයේදී රුපියල් 1500ත්, 6000ත් අතර මිලක පැවතියා.

නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ අද වන විට ඉතිහාසයේ වාර්තා වූ වැඩිම මිල එළවළු සඳහා වාර්තා වන බවයි.

දසත නිවුස් කළ විමසීමකදී කෘෂිකර්ම දෙපාර්තමේන්තු ඉහළ නිලධාරිණියක් කියා සිටියේ කියා සිටියේ පැවති අයහපත් කාලගුණ තත්ත්වයෙන් අනතුරුව ගොවීන් වගාවන් යළි ආරම්භ කිරීමත් සමග ඉදිරියේදී වෙළෙඳපොලට එළවළු තොග ලැබෙනු ඇති බවයි.

නමුත් ඒ තවත් කෙතරම් කලකදී දැයි යන්න ඇය සදහන් කලේ නැහැ.

ඒ සමගම ක්‍රමයෙන් වාර්තාගත ලෙස ඉහළ ගිය එළවළු මිල ගණන්ද පහත වැටෙනු ඇති බවටයි ඇය විශ්වාසය පළ කළේ.

කෙසේ වෙතත් මේ වන විට විනාශ වී ඇති එළවළු වගාවන් නැවත යථාවත් කර ඒහි පළ ලබා ගැනීමට තව මාස ගණනක් ගතවනු ඇති.

ඒබැවින් මේ පවතින ඒළවළු මිල තවත් කොපමණ කලක් පවතීදැයි කිව හැක්කේ කාටද?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46