දෙසැම්බර් මුල සිට පාස්පෝට් නිකුත් කිරීම වේගවත් වන ලකුණු

දෙසැම්බර් මස මුල සිට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම වේගවත් කිරීමට හැකි වනු ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ; ඉදිරියේදී හිස්ගමන් බලපත්‍ර ලක්ෂ 7කට වැඩි ප්‍රමාණයක් ලැබීමට නියමිත බවයි.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට විදේශ ගමන්බලපත්‍ර නිකුත් කිරීම සඳහා විධිමත් ඔන්ලයින් ක්‍රමවේදයක් සකස් කරමින් සිටින බවත්, එම ක්‍රමවේදය නුදුරු දිනයකදීම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ද එම දෙපාර්තමේන්තුව කියා සිටිනවා.

විදේශ ගමන්බලපත්‍ර මිල දී ගැනීම සඳහා ටෙන්ඩරය පිරිනමනු ලැබූ විදෙස් ආයතනය සමග ඇති කරගෙන තිබූ ගිවිසුම් ප්‍රකාරව ‘P’ කාණ්ඩය යටතේ හිස් ගමන්බලපත්‍ර 50,000ක් මේ වනවිට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ප්‍රමාණයට අමතරව නොවැම්බර් මස අග භාගයේදී තවත් 100,000ක පමණ හිස් ගමන්බලපත්‍ර ප්‍රමාණයක්ද, දෙසැම්බර් මාසයේදී තවත් 150,000ක පමණ හිස් ගමන්බලපත්‍ර ප්‍රමාණයක්ද වන ලෙස 750,000ක හිස් විදෙස් ගමන්බලපත්‍ර තොගයක් ඉදිරියේ දී ලැබීමට නියමිතයි.

ඊට සමගාමීව තවත් හිස්ගමන් බලපත්‍ර තොගයක් ප්‍රසම්පාදනය කිරීමේ කටයුතු ද මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට දිනකට 1,600ක පමණ විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණයක් අයදුම්කරුවන් වෙත නිකුත් කරනු ඇති.

ඒ අනුව ඉහත තොග ලැබීමත් සමග දෙසැම්බර් මස මුල සිට මෙම ප්‍රමාණය ක්‍රමයෙන් වර්ධනය කර අයදුම්කරුවන් විසින් ඉල්ලුම් කරනු ලබන ගමන්බලපත්‍ර ප්‍රමාණයට සරිලන ආකාරයට ගමන්බලපත්‍ර නිකුත් කිරීමට හැකිවනු ඇති බව එම දෙපාර්තමේන්තුව පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් යන පා ගමන - සංඝ රත්නය සමඟ මහ සෙනඟක් එයි
03:17
Video thumbnail
ශිරන්ති බලන්න සීලරතන හිමි වැලිකඩට - පට්ටපල් හොරු ටික හිරේ දැම්මට කමක් නෑ
04:51
Video thumbnail
වැසිකිළියකින් මතුවූ නීති විරෝධී මත්පැන් ස්කාගාරය - බඩුත් එක්කම සැකකරුවෙක් මාට්ටු
02:33
Video thumbnail
මහානායක හිමි ගැට ගහපු පිරිත් නූල ජනාධිපති විසික් කරලා ගිහින් ?
06:24
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07