අවසන් ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවෙද්දී ඉන්දීය ඉනිම ලකුණු 86/4යි

සංචාරක නවසීලන්තය සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වැනි සහ අවසන් ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවන විට සිය පළමු ඉනිම පිතිකරණයෙන් අරඹා සිටින ඉන්දීය කණ්ඩායම කඩුලු 04ක් දැවී ලකුණු 86ක් ලබාගෙන සිටිනවා.

දෙරට අතර අද (01) තරගය ඉන්දියාවේ වන්කඩේ නුවර දී ආරම්භ වූයේ කාසියේ වාසියේ ජය කිවි නායක ටොම් ලැතම් හට හිමිකර දෙමින්.

ඒ අනුව ලැතම් තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමට‍යි.

කෙසේවෙතත් තරගයේ පළමු ඉනිම සඳහා කිවියන්ට පළමු දිනයේ; දිනය අවසන් වීමටත් පෙර සියල්ලන් ම ලකුණු 235කට දැවී ගියා.

කිවි ලකුණු පුවරුව වෙනුවෙන් වැඩිම ලකුණුලාභියා වූයේ ඩැරිල් මිචෙල්.

මිචෙල් ලකුණු 82 ක් සහ විල් යන්ග් ලකුණු 71ක් ලබා ගත්තා.

කිවියන්ගේ කඩුලු දඩයමේ දී ඉන්දීය පන්දු බලඇණියේ රවීන්ද්‍ර ජඩේජා ලකුණු 65කට කඩුලු 05ක් සහ වොෂින්ටන් සුන්දර් කඩුලු 04කට වග කීමට සමත් වුනා.

එක් කඩුල්ලක අයිතිය හිමිවූයේ අකාෂ් ඩීප්ටයි.

ඉන් අනතුරුව සිය පළමු ඉනිමට පිතිකරණය ඇරඹි ඉන්දීය කණ්ඩායමේ පළමු කඩුලු 02ක ලකුණු 50කට පෙර දැවී ගියා.

යශස්වි ජයිස්වාල් ලකුණු 30ක් ලබාගත්තා.

අද දිනයේ දීත් අසාර්ථක වූ කින්ග් කෝලි ලකුණු 04කට ක්‍රීඩාගාරයෙන් ඉවත් වූයේ දුවද්දී දැවී යාමකට හසුවෙමින්.

අජාස් පටෙල් කඩුලු 02ක් සහ මැට් හෙන්රි කඩුල්ලක් බිඳ දැමූ අතර ඉන්දීය කණ්ඩායම නවසීලන්තයට වඩා පළමු ඉනිමෙන් තවත් ලකුණු 149ක් පසුපසින් සිටිනවා.

හෙට (02) තරගයේ දෙවැනි දිනයයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අජිත් පී පෙරේරා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
12:11
Video thumbnail
ජනාධිපති සමඟ සාකච්ඡාවට මහනායක හිමිවරුන් පැමිණෙන අයුරු - වාහන ටික පෝළිමට එන හැටි
02:33
Video thumbnail
ශිරන්ති බලන්න මහින්ද වැලිකඩට
00:19
Video thumbnail
ශිරන්තිව බලන්න දයාසිරිත් වැලිකඩට - මේ රටට වැඩ කරපු මිනිස්සු
01:17
Video thumbnail
අනේ මහත්තයෝ..දෙයියන්ගේ නාමයෙන් විශ්‍රාම යන්න - මේ පච කියන්නේ සේවා දිගු මස් කට්ට ගන්න ?
01:45
Video thumbnail
මුජිබුර්ගේ කතාව නිසා අගමැතිනිට රතු කට්ට පනී
13:01
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12
Video thumbnail
මුජිබුර් බිමල්ට රිදෙන්නම දෙයි - ඔයාලා තමයි දූෂිතයින්ව ගෙනාවේ
05:21
Video thumbnail
ශිරන්තිව බලන්න මහින්ද වැලිකඩට එයි
00:37
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම නිසා මිහින්තලේ හිමිට යකා නගියි - මාලිමා ආණ්ඩුව අරහත් ධජය ගැලෙව්වා
06:39