කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය අසල ඊයේ (26) පස්වරුවේ උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා.
සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ ඊයේ (26) පැවති මැතිවරණ රැස්වීමකට සහභාගී වූ පිරිසක් අතර මෙම උණුසුම් තත්ත්වය හටගෙන ඇති බවයි වාර්තා වුණේ.
එම මැතිවරණ රැස්වීමෙන් පසු පැමිණි පිරිසකට ප්‍රවාහන බස් රථ සඳහා මුදල් ලබානොදීම හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බව පොලිසිය සඳහන් කළා.
මෙම පිරිස විශ්වවිද්‍යාල සිසුන් බවට සැක කෙරෙන අතර, මොවුන්ට රුපියල් 3000ක මුදලක් සහ කෑම පාර්සලයක් ලබාදෙන බව පවසා මෙම දේශපාලන රැස්වීමට කැඳවාගෙන විත් තිබෙනවා.
රංජන් රාමනායකගේ නායකත්වයෙන් යුත් එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඩ දේශපාලන පක්ෂයේ මැතිවරණ රැස්වීමක් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී ඊයේ පැවැත් වුණා.














සෙනග දකිද්දි මට හිතුනා , වැඩේ සල්ලි වලට ගිය එකක් කියලා
Good lesson for you guys. Doubt whether you all are campus students. Gonja giya campus wendathi.