ඔන්මැක්ස් මූල්‍ය වංචාවේ සැකකරුවන්ගේ නීතිඥවරුන්ට තර්ජනය නොකරන්න – අධිකරණය

ඔන්මැක්ස් පිරමීඩාකාර මූල්‍ය වංචාවේ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන්ට තර්ජනය නොකරන ලෙස සිද්ධියේ පැමිණිලිකරුවන්ට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (23) නියෝග කළා.

ඔන්මැක්ස් මූල්‍ය වංචා සිද්ධියට හසු වී සිටින පැමිණිලිකරුවෙක් තමාගේ නිවසට පැමිණ ලිපියක් පෙන්වා ඊට අත්සන් තබන ලෙස දන්වමින් තමාට තර්ජනය කළ බවට ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා කළ දැනුම්දීමක් අනුව මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කළ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

එම සිද්ධියට අදාළ නඩුව අද අධිකරණය හමුවේ නැවත කැඳවූ අවස්ථාවේ දී අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණයට මේ බව දැන්වූවා.

මෙම සිද්ධියට අදාළව මේ වන විට පැමිණිලි 1350 පමණ ලැබී ඇති බව ද පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා අධිකරණයට දන්වා තිබෙනවා.

මෙම මූල්‍ය වංචාවට හසු වූ පැමිණිලිකරුවන්ගේ පැමිණිලි භාරගන්නා ලෙසට පෙර නඩු වාරයේදී අධිකරණය මගින් ලබා දුන් නියෝගය අනුව පොලිස් ස්ථාන වෙත නව පැමිණිලි තුන්සීයක් ලැබී ඇති බව ද ඔහු සඳහන් කළා.

මෙම මූල්‍ය ආයතනය කෝටි හතක් පමණ පමණ මේ ආකාරයෙන් වංචනිකව උපයාගෙන ඇති නමුත් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සොයාගැනීමට හැකිව ඇත්තේ ඉන් සුළු මුදල් සංඛ්‍යාවක් බව ද ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළි වුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විටත් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බැවින් අදාළ පැමිණිලිකරුවන්ට මුදල් ලබාදීම සම්බන්ධයෙන් තවදුරටත් සලකා බැලිය යුතුව ඇති බව ද රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරුයා අධිකරණයට දැන්වූවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි 3,4,5 සැකකරුවන්ගේ ගිණුම් ඉකුත් මාර්තු මාසයේ සිට නවතා දමා ඇති නමුත් මෙම සැකකරුවන්ට අමතරව වෙනත් පිරිසක් විසින් ඇතැම් පැමිණිල්ලකරුවන්ගේ මුදල් ලබාගෙන තිබෙන බව ද සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා මෙහිදී අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

මෙම සිද්ධියට අදාළ සියලු පැමිණිලි ලැබෙන තෙක් කාලය ගත කළහොත් දැනට පැමිණිලි කර සිටින පැමිණිලිකරුවන්ට එම මුදල් ලබා ගැනීමට අපහසුතාවයක් පවතින බැවින් මේ වන විට පැමිණිලි ඉදිරිපත් කර ඇති පුද්ගලයන්ට අදාළ මුදල් ගෙවීමට අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

සිද්ධියට සම්බන්ධ 11 වැනි සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔහු නොවැම්බර් මස 6 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා 9 වන සැකකරු ඇප මත මුදා හරින්නට ද නියෝග කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12