නව ක්‍රීඩා ඇමතිගෙන් අධිකරණයට දැනුම්දීමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා අතුරු පාලක කමිටුවක් පත් කරමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ඉවත් කරගෙන තිබෙන බව නව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු අභියාචනාධිකරණයට දැනුම් දී තිබෙනවා.

ක්‍රිකට් අතුරු පාලක කමිටුව පත්කරමින් හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා විසින් ඉදිරිපත් කළ පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේදී යි නව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කුෂාන් ද අල්විස් මහතා මෙම දැනුම්දීම සිදු කළේ.

ඒ අනුව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක නොකරන බවටත් අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ අතුරු පාලක කමිටුව විසුරුවා හැර ඇති බවත් නව ක්‍රීඩා අමාත්‍යවරයා නව ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇතැයි ජනාධිපති නීතිඥවරයා දන්වා සිටියා.

මෙම පෙත්සම අද සෝභිත රාජකරුණා සහ ඩී. එන්. සමරකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේයි කැඳවනු ලැබුවේ.

එම අවස්ථාවේදි පෙත්සම්කාර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙන්වා දුන්නේ වග උත්තරකාර නව ක්‍රීඩා අමාත්‍යවරයා අදාළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක නොකරන බව දැනුම් දුන්නද එම ගැසට් නිවේදනය තවදුරටත් එලෙසම පවතින බවයි.

එබැවින් අදාළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් යම් පාර්ශවයකට ඉදිරියේදී පියවර ගැනීමේ හැකියාවක් පවතින බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය නීතියට පටහැනි බවට තීන්දුවක් ලබා ගැනීමට තමන්ට අවශ්‍ය බවත් ප්‍රකාශ කළා.

මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යන්නේ ද? නැද්ද ? යන්න දැනුම් දීම සඳහා දිනයක් ලබා දෙන ලෙසටයි ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීම් කළේ.

ඒ අනුව අදාළ පෙත්සම මේ මස 15 වනදා යළි කැඳවීමට නියෝග කළ අභියාධිකරණ විනිසුරු මඩුල්ල එදින අදාළ පෙත්සම තවදුරටත් පවත්වාගෙන යන්නේද? නැද්ද? යන්න දැනුම් දෙන ලෙසත් නියෝග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පා.ම චමින්ද විජේසිරිට ඇප
00:44
Video thumbnail
කුමාර් සංගක්කාරගෙන් අත්දැකීම් පාදක දේශනයක්
01:09
Video thumbnail
උණුසුම් කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්
04:19
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38