හොර වීසාවලින් ඉතාලි පනින්න හැදූ තරුණ යුවළ කටුනායක දී අල්ලයි (ඡායාරූප)

කූඨ ලෙස සකස් කළ වීසා බලපත්‍ර යොදා ගනිමින් කටාර් රාජ්‍යයේ දෝහා ඔස්සේ ඉතාලිය වෙත පළා යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයෙකු සහ තරුණියක ඊයේ (03) දිනයේ කටුනායක ගුවන් පිටත්වීමේ පර්යන්තයේ දී ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගනු ලැබුවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු දෙදෙනා නිට්ටඹුව, වතුපිටිවල ප්‍රදේශයේ පදිංචිකරුවන්.

අත්අඩංගුවට ගැනුණු තරුණයා 35 හැවිරිදි වියේ පසුවන අතර තරුණිය 25 හැවිරිදි වියේ පසුවනවා.

මොවුන් ඊයේ (03) අලුයම 03.25ට දෝහා බලා පිටත්ව යාමට නියමිතව තිබූ කටාර් ගුවන් සේවයේ කිව්. ආර්.- 659 දරණ ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

මොවුන් දෙදෙනාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී තමන් තැරැව්කරුවෙකුට රුපියල් ලක්ෂ 40 බැගින් රුපියල් ලක්ෂ 80ක් ලබා දී මෙම වීසා බලපත්‍ර දෙක සකස් කර ගත් බවත්, ඔහු තමන්ව කටුනායක ගුවන් තොටුපොළ තෙක් රැගෙන විත් ඇරල වූ බවත් ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් හමුවේ පවසා තිබෙනවා.

ඒ, අනුව එම නිලධාරීන් විසින් මොවුන් දෙදෙනා අත් අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාරදීමටයි කටයුතු කළේ.

b1fa8968 fa9f 47b4 8fda dfc1a2421ae4
28351374 b93a 46a0 94c5 bedea45619ae
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
1
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28


?