spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හොර වීසාවලින් ඉතාලි පනින්න හැදූ තරුණ යුවළ කටුනායක දී අල්ලයි (ඡායාරූප)

කූඨ ලෙස සකස් කළ වීසා බලපත්‍ර යොදා ගනිමින් කටාර් රාජ්‍යයේ දෝහා ඔස්සේ ඉතාලිය වෙත පළා යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයෙකු සහ තරුණියක ඊයේ (03) දිනයේ කටුනායක ගුවන් පිටත්වීමේ පර්යන්තයේ දී ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගනු ලැබුවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු දෙදෙනා නිට්ටඹුව, වතුපිටිවල ප්‍රදේශයේ පදිංචිකරුවන්.

අත්අඩංගුවට ගැනුණු තරුණයා 35 හැවිරිදි වියේ පසුවන අතර තරුණිය 25 හැවිරිදි වියේ පසුවනවා.

මොවුන් ඊයේ (03) අලුයම 03.25ට දෝහා බලා පිටත්ව යාමට නියමිතව තිබූ කටාර් ගුවන් සේවයේ කිව්. ආර්.- 659 දරණ ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

මොවුන් දෙදෙනාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී තමන් තැරැව්කරුවෙකුට රුපියල් ලක්ෂ 40 බැගින් රුපියල් ලක්ෂ 80ක් ලබා දී මෙම වීසා බලපත්‍ර දෙක සකස් කර ගත් බවත්, ඔහු තමන්ව කටුනායක ගුවන් තොටුපොළ තෙක් රැගෙන විත් ඇරල වූ බවත් ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් හමුවේ පවසා තිබෙනවා.

ඒ, අනුව එම නිලධාරීන් විසින් මොවුන් දෙදෙනා අත් අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාරදීමටයි කටයුතු කළේ.

b1fa8968 fa9f 47b4 8fda dfc1a2421ae4
28351374 b93a 46a0 94c5 bedea45619ae
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
1
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?